Sunday, May 7, 2017

කැටවල සිරා







මේ ලියවෙනා පොස්ටුව ලියවෙන්නේ මීට කලින් කිහිපවතාවක් අම්බලංගොඩයා විසින් වේදිකාවට ගොඩකලා වූ ඒ අසහාය වන් ඇන්ඩ් ඔන්ලි චරිතය වන අතිජාත මිත්‍ර සිරාව උක්තකොටගෙනම වන අතර සිරා මලාට මේවා නොකියවනා වග දන්නා නිසා සමා ගැන ලියනවාට වඩා සිරා ගැන ලිවීමේදී දැනෙනා නිදහස වැඩිය. සිරා යනු පුවත් මවනා චරිතයක් බැවින් සිරාගේ විස්තර බ්ලොග් පොස්ට් බර ගණනක් ලිවීමට තරම් එවුවා වුනත් වැඩිමනක් එව්වා ලියාපලකළකිරීම නොහොඹිනා බැවින් මේ ලියවෙනා විස්තර සිරාගේ අකලංක චරිතයට කැළලක් එකතුකරනා තොරතුරු නොවන වග ගොඩයාගේ අක්මාවට වැටහෙනවාය. 

සිරා යනු මනා ආර්ථික රාමුවක හැදී වැඩුනා වූද කිසිදා අගහිඟකමක් තිබුනාවූද පුද්ගලයකු නොවේය. ඒ හෙයින් සිරාට කිසිදා තම ජීවිතය අනාගතය වෙත පැදගෙන යාමට කිසිදු අමාරුකමක් තිබුනේද නැත. ඒ හින්දාදෝ සිරාට කෙදිනකවත් අනෙකාගේ අමාරුකමක් තේරුම් ගැනීමට ඕනෑකමක් තිබුනේද නැත. එය එසේද එසේත් නැතිනම් ඕනෑකමක් තිබුනේ නැතිද යන්න ගොඩයාට අද වෙනතුරුද තේරුම් ගැනීමට නොහැකිවූ කාරණයක්ය. කුඩා එකා සන්දියේ පටන්ම අම්බලන්ගොඩයාගේ ඉතාමත් ලඟ මිතුරෙකු වූ සිරා අද වෙද්දීද ඒ මිතුරුකම එසේම දරාගෙන සිටිනවාය. ඒ වාගේම කුඩාකල තිබු සියලූම දුර්වලකම් සිරාතුල අද වෙද්දීද තිබෙනවා වුවත් එව්වාට ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නට පුළුවන් වයසක නොවීම නිසා සිරා අද වෙද්දී යාලු මිත්‍රයින් අතරේ වෙනදාට වඩා නිදහසේ කාලය ගතකරනවා කීවොත් නිවැරදිය. 

සිරා කුඩා එකා සන්දියේ පටන් දවසේ පුවත් තම මවට පැවසීම කඩනොකල පුරුද්දක්ය. දවසේ සියලු දෑ නිමවා රූපවාහිනිය ඉදිරියේ අසුන්ගන්නා අල්ලපනල්ලේ සිරා තම මිතුරන්ගේ සියලූම අවරගණයේ මජර වැඩද, සියලූම රහස්ද, සියලූම පෙම් පුවත්ද තම මව සමග පවසා තබා මම හොඳ එකා වීම සිරා අඛණ්ඩව කරගෙන ගියාවූ කැත වැඩක්ය. සිරාගේ මවුතුමිය එදත් අදත් බොහෝම ගුණගරුක කාන්තාවක් වීම අප කාගේත් වාසියට හිටියේය. සිරාගේ මවුතුමිය වැටවල් අස්සෙන් කේලම් දොඩනා සහ දුරකතනයෙන් කේලම් දොඩනා කාන්තාවක් නොවුනා නිසා කිසිවකුගේ නෙවෙස් වලට අවරගණයේ ක්‍රියා ආරංචි නොවුනා වුවැත් සියල්ලෝගේම කිල්ලෝටවල තිබෙනා කුණුකන්දල් ගැන යාවත්කාලීන වූ දැනුමක් සිරාගේ මවුතුමිය වෙත වීය. 

තමුන්ගේ මුඛයෙන් පිටවෙනා වචන ගැන ඒ තරම් තැකීමක් නොකළ සිරා මිතුරන්ගේ රහස් තම මව සමග පවසන්නේ විනෝදාශයක් වශයෙන් වුවත් ඇයට මුහුණදීමේදී මිතුරන් විඳි අපහසුතාවය ගැන සිරා කවදාවත් තැකීමක් කලේ නොමැතිය. අද වෙද්දී සිරාගේ දවසේ පුවත් සාකච්චාවේ තම මවට අමතරව තවත් නව සාමාජිකාවක් සිරාගේ නිවසේ වාසය කරනාවූ අතර ඇය සිරාගේ බිරින්දෑය. වයස හතලිහ පසුකරනවා වුවද කුඩාකල පටන් සිරාගේ නිවසට ආගිය මිතුරන් සතියකට දෙකකට වරක් හෝ ඉසිඹුවක් ලබන වෙලාවේ සිරාගේ නිවසට ගොඩවීම අදද පුරුද්දක් වන අතර අදද සිරාගේ මවුතුමිය දකිද්දී දැනෙනා තැතිගැනීම අදත් එදා වාගෙමය. ඒ මන්ද යත් සිරා මව සමග පවසනා තොරතුරු අතර හයිලි ක්ලැසිෆයිඩ් සහ ටොප් සීක්‍රට් වර්ගීකරණයට අදාළ තොරතුරුද තිබෙනවා වග සැවොම දන්නා නිසාය. ඊටත් අමතරව සිරාගේ බිරින්දෑ තම ස්වාමියාගේ මිතුරන්ගේ පැටිකිරිය දන්නවා යන හැඟීමද සෑහෙන්න අපහසු සහගත සිතුවිල්ලක් වන්නේ සිරා තමුන් හැරුණකොට අනෙකුත් සියලූම මිතුරන් කළු චරිත බවට පරිවර්තනය කරන වග සැවොම සක්සුදක් සේ දන්නා නිසාය. සිරා මේ සියලූම දෑ මව සහ බිරින්දෑ සමග පවසන්නේ හුදෙක් විනෝදයක් ලැබීමේ අභිමතාර්ථයෙන් පමණක් වන නිසා පිසුනාවාචා වේරමණී යන සික්ෂා පදය හෙවත් කේලාම් කීමෙන් වැළකීමේ ශික්ෂා පදය කඩවන්නේ නොමැති නමුත් එයින් අපහසුතාවයට පත්වන පිරිස ගැන සිරා කවදාවත් සිරාවට සිතුවා කියා අම්බලන්ගොඩයා උපකල්පනය කරන්නේ නැත.

සිරා වෙත තිබුනාවූ තවත් එක් දුවලකමක් නම් කෑමේ බීමේදී අනෙකා ගැන වැඩිමනක් සීරියස් නොහිතනා පුරුද්දය. කුඩාකල පටන්ම සිරා යනු ධන ධ්‍යාන්‍යයෙන් කිසිදු අඩුවක් පාඩුවක් නොතිබුනාවූ පවුලක උපන් දරුවකු වුවද සිරා කන්නට ගියකළ  වටේ පිටේ සිටිනා ඥාති මිත්‍රාදීන්ගේ පටි රෝල්වෙන්නටම කන එක ලෙසටම කනවාය. ඒ සුන්දර කෑම ගැන දන්නා හිත මිතුරන් සිරා සමග කොතන ගියද සිරා කෑම මේසයට වාඩිවූ කල සිටින්නේ සිරා අප සමග ආ එකෙකු නොවෙනා ගානටය. ඒ මන්ද යත් සිරා කෑම කද්දී ගෙදර එකාටවත් මාළු කට්ටක්වත් ඉතුරු කරන්නේ නැති නිසාය.

 එක්තරා දවසක  සිරා සමග අම්බලන්ගොඩයාටත් අපගේ හිත මිත්‍ර රංජිත් හටත් ලග්ගල යාමට සිදුවන්නේ ලග්ගල ආරණ්‍ය සේනාසනයේ විදුලි ආලෝක කටයුත්තක් මුලපිරීම උදෙසාය. ගල්දූව ආරණ්‍යයේ ස්වාමින්වහන්සේලා තිදෙනෙකුද වැඩම්මවමින් යායුතුවූ ගමන පෙරලා පැමිණිය යුතු වුයේ ලග්ගල ආරණ්‍ය සේනාසනයට  ගමන් ගන්නා ගිරි ශිඛර මාර්ගයේ විදුලිම්කනු සිටුවා විදුලි ආලෝකය සැපයීමෙන් අනතුරුවය. ස්වාමින්වහසේලාට නවාතැන් ලග්ගල ආරන්‍යයෙන් සැපයුණු අතර සිරාට සහ මිතුරන් දෙදෙන සඳහා නවාතැන් අනුග්‍රහය සැපයුනේ ලග්ගල කල්‍යානවංශ ස්වාමින්වහ්සේගේ ගිහි කල නිවසේ සහ ඥාති නිවෙස් වලය. කලාතුරකින් උදාවන පින් කටයුත්තක් බැවින් සියල්ලෝද අවශ්‍ය සියලු දෑ රංජිත්ගේ වෑන් රථයේ පටවාගෙන ලග්ගල යන්නට පිටත් වනවාය. ඒ යන ගමනේ පළමු නැවතුම්පොළ ජා ඇල ප්‍රදේශයේ නිවසක් වූ අතර එය අපගේ ස්වාමින්වහසේලා තිදෙනා සඳහා හීල දානය සැපයීම් වෙනුවෙන් වූ අතර  ලග්ගල විදුලි ආලෝක කටයුතු වෙනුවෙන් බරපැන දරනා සැදැහැවත් දායක නිවෙසක්ය. 

ස්වාන්මින්වහන්සේලා තුන් නම  දානය වළඳා අවසානයේ ස්වාමින් වහන්සේලා සමග පැමිණි අබිත්තයින් තුන් දෙනාටද හීල වළඳන්නට ආරාධනා ලැබෙනවාය. පිදුරුතලාගල කන්ද ගිලින්නට තරම් බඩගින්නක් තිබුනද එය  ආයාසයෙන් සඟවාගෙන  ශිෂ්ඨ සමාජයේ පිළිගත් ආචාරධර්මවලට හිසනමා මද පමණට ආහාර ගැනීම අම්බලන්ගොඩයාගේත් රංජියාගේත් සිරිත බැවින් ජා ඇල හිතවතුන්ගේ හීල දානය මද පමණට වළඳන්නට රන්ජිත් සහ ගොඩයා සමත් වනවාය. ඒ අතර වාරයේ සිරා කෑම උගුරෙන් පහලට යවන්නේ බැමිණිතියා සාගතය හෙට දවසේ ආරම්භවන බව උදෑසන ප්‍රවුර්ති වලට කියුවා සේය. ස්වාමින් වහන්සේලාට පිළියෙළ කළාවූ දානය බැවින් ආප්ප, ඉඳි ආප්ප, බත්, පාන්, ව්‍යංජන, සහ පිට්ටු වලින් සමන්විත වූ හීල දානය ජයටම සකස්වී තිබුණු නිසා ආප්පයකින් හීල වළඳන්නට පටන්ගත් සිරා බත්, පාන්,ඉඳි ආප්ප, පිට්ටුද හැකි උපරීම පමණින් උදරගත කරන්නට කිසිසේත්ම පසුභට වුයේ නැත. ඇඹරිල්ල කොතරම් සාර්ථකද යත් නිවැසියන් විසින් පිළියෙළ කළාවූ හීල දානය ගෙදර එවුන්ටවත් කන්නට කරපිංචා නැට්ටකුදු ඉතුරු නොවන්නට සිරා වගබලාගත් අතර කාපාලුවා නිවසට රැගෙන ආවේ ස්වාමින්වහන්සේලා නොවන්නට නිවැසියන් ගිනස් කමිටුව අමතා සීරාව ගිනස්ගත කරනවා අනිවාර්යය. එක මග ආ මිත්‍රයින් දෙදෙනෙකු වශයෙන් ගොඩයාටත් රංජියාටත් සීරාව කෑම මේසයේ තනිකර දමා නැගිටයාම ආචාරධර්ම වලට පටහැනි නිසාම සිරා වලඳා අහවරවනතුරු කට ඇරන් බලන් සිටින්නට සිදුවන්නේ සසර කල කරුමයකටය.

එලෙස අවසන් වූ හීල දානයට අනතුරුව සිරා ප්‍රමුඛ පිරිස පිටත්ව යන්නේ ලග්ගල බලාය. කඩුගන්නාව ප්‍රදේශයේ දායක නිවසක දවල් දානය පිළියෙළ කෙරෙනා ආරංචිය සිරාට කනට මී පැණි දමනා තරම් ආරංචියක් වුවත් ගොඩයාට සහ රංජියා  හට එය ඇඟේ රෝම කෙලින්වෙනා වූ ආරංචියක් වන්නේ එම නිවැසියන් හට  හත් අවුරුද්දක් කනට තිබෙනා දෑ සිරා අද දින දවාලට කා දමනා වග සක්සුදක් සේ දන්නා නිසාය. දකිනා දැකුමට කෙට්ටු සරීර කූඩුවක් හිමි සිරා, දුටු පමණින් ආගන්තුක සත්කාර දක්වන්නට සිතෙනා හැන්ඩ්සම් පෙනුමක් තිබෙනා පුද්ගලයකු බැවින් සියල්ලෝම සීරාව අවතක්සේරුවට ගන්නා නමුත් කෑම කා අවසන සිරා යනු කේශාන්තයේ පටන් පාදාන්තය දක්වා බෙන්ගාල බොක්ක තරම් ආමාශයක් හිමි සුවිශේෂී පුදලයකු වග සියල්ලෝම වටහාගන්නවාය. එහෙත් එය  වැටහෙනා විට සිරා පිඟන් ,කෝප්ප , කෑම මේසය සහ පුටු හය හැරෙන්නට අනෙකුත් සියලූම කෑම  වර්ග ආමාෂගතකොට හමාරය. ඒවාද ගිලින්නට  හැකි ප්‍රමාණයේ ඒවා වූවානම් මේස පුටු පිඟන් කෝප්ප වලටද දෙයියන්ගේම පිහිටය.

කිසිදු වෙනසක් නොමැතිවම කඩුගන්නාවේ නිවසියන්ට උදව්වක් වශයෙන් කෑම මේසයේ තිබූ සියල්ලම කා දමන්නට සිරා වගබලාගන්නේ ස්වාමින් වහන්සේලා දහවල් දානය වළඳා අවසානයේය. ඇඳිරි වැටෙන්නට කලින් ලග්ගලට ලඟාවිය යුතු නිසා දහවල් දානය වළඳා වැඩි වෙලාවක්  ගතවන්නට මත්තෙන් සිර ප්‍රමුඛ පිරිස ලග්ගල බලා පිටත් වෙනවාය. ගොඩයා වර්තමානයේ වාසය කරනා රටේ සුප්‍රසිද්ධ ඉන්දියානු කෑම බුෆේ ක්‍රමයට විකිනේනා අවන්හලකට ගොඩයා සති අන්තයේ ගොඩවන සැම දිනකම ගොඩයාට සීරාව මතකයට නැගෙන්නේ  සිරා එහි නොසිටීම සම්භන්ධයෙන් හටගන්නා සතුටු සිතුවිල්ලක් සමගින්ය. සිරා වැනි එකෙකු එවන් අවන්හලක් ආසන්නයේ උන්නානම් ගොඩයාට සතියකට වරක්වත් යමක් ආහාරයට ගන්නට එම අවන්හල ඉතුරු වන්නේ නොමැතිය. ඒ මන්ද යත් සිරා වැනි එකෙකුට ෆ්ලැට් රේට් එකකට බුෆේ කන්නට දුන්නොත් අවන්හලේ අයිතිකාරයා  මාසෙන් දෙකෙන් හිඟන්නා වී අවන්හල වසාදමන නිසාය.


ලග්ගලට ළඟාවූ අනතුරුව ස්වාමින්වහන්සේලාට නවාතැන් ආරන්‍යයෙන් සැපයෙනා අතර අබිත්තයින් තිදෙනා හෙවත් ගොඩයා, රංජිත් සහ සිරාට නවාතැන් සැපයෙන්නේ ලග්ගල කල්‍යානවංශ ස්වාමින්වහන්සේගේ ඥාති නිවෙසකය. එම නිවසේ නිවසින් පිටත පිහිටි කාමරයක මිතුරන් තිදෙනාට නවාතැන් සැපයෙනා අතර රාත්‍රී ආහාරයද සැපයෙන්නේ එම නිවසෙන්ය. ස්වාමින් වහන්සේලා විකාලයේ භෝජනය නොකරනා බැවින් එය අබිත්තයින් වෙනුවෙන්ම සකස්වන සුවිශේෂී ආහාර වේලක් වනවාය. ආගන්තුක සත්කාරයට බෙහෙවින් කැමති නිවැසියන් ඇබිත්තයන් තිදෙනාට රාත්‍රී ආහාරයට ආරාධනා කරන්නේ ඉන් එකෙකු කෑම කෑමේ ප්‍රවීණයකු වග දන්නේ නොමැතිවය.

රාත්‍රී ආහාරයද පෙර පරිදිම වන අතර නිවැසියන්ට හතේ හත වදින්නටම සිරා ලෙසටම කනවාය. නිවසේ ගෘහණිය සහ ගැහැණු දරුවන් කුස්සියෙන් කෑම කාමරයටත් කෑම කාමරයෙන් කුස්සියටත් කෑම අදිනවා ඉවරයක් නොවෙනා කාරණයක් වූ අතර කුස්සියෙන් පුරවාගෙන පැමිණෙන ව්‍යංජන දීසි එකක් ගෙනෙන්නට අනික අහවර කරනා සිරා අඛණ්ඩව තම බඩජහරිකම එම නිවසියන්ටද ප්‍රදර්ශනය කරනවාය. මේසය මත හැමදෙනාටම කන්නට බත් බෙදා තිබෙනා ප්ලාස්ටික් බේසම වැනි භාජනයේ තිබෙනා බත් සහ එය වටේ බෙදා තිබෙනා ව්‍යංජන මල පෙරේතයෙකුට පුදනා ලද පෙරේත තටුවේ තැබුවා වැනිව සිරා සියල්ලම එක කටට ගිල දමනවාය. ඒ අතරේ පපඩම් භාජනය හිස්වී තිබෙනා දකින සිරා පපඩම් ඉල්ලනවාය..ගෘහණිය හනික කුස්සියට දුවගොස් නැවත පපඩම් බදිනා ශබ්දය කෑම කාමරයට අසෙනවාය. ගෘහණිය පපඩම් ස්වල්පයක් බැද කෑම කාමරයට රැගෙන එනා අලපනල්ලේ සිරා තවත් බඳුන් දෙක තුනක ව්‍යංජන වාෂ්ප කරලා දමාලාය. ගොඩයාද මිත්‍ර රංජිත්ද පමණට ආහාර ගෙන අවසන්කොට  සිරා රාත්‍රී ආහාරය අවසාන කරනා තුරු බලන් සිටිනවා නමුත් සිරා කරගෙන යන කර්තව්‍ය නවතනා ලෙසක් නොමැතිය. ඉවසීම එදත් අදත් කෙටි අප මිත්‍ර රංජිත් සිරා අමතන්නේ ඉන් අනතුරුවය..

ඔය ඇති යකෝ.. මේ ගෙදර මිනිස්සුන්ටත් කන්න ඉතුරු කරලා දැන් ඕක නවත්තපන්..

අනේ මේ.. උඹල වගේ මේ මිනිස්සු ලෝභ නැහැ බොලව්.. මේ මිනිස්සු බොහොම ආගන්තුක සත්කාර වලට කැමති මිනිස්සු.. ඒ නිසා බොරු නැතුව කාපන්..

මිනිහෝ කනවා කියල ඔහොම කන්න එපා යකෝ.. මේ ගෙදර ඉන්න පොඩි දරුවෝ තාම කාල නැහැ.. අපි කෑවාම මේ මිනිස්සුත් කන්න ඕන.. ඒ නිසා ඒ මිනිස්සුන්ටත් කන්න ඉතුරු කරහන්..

අනේ මේ බොරු නැතුව කාපං බාන්.. බෝලාගේ බොරුව වැඩි.. මේ කෑම හදන්නේ අපිට කන්න තමයි.. ඒ නිසා බොරු නැතුව කාපන්.. අනික මේ ගමේ කෑම අපිට නිතරම කන්න හම්බෙන්නේ නැහැ.. ඒ නිසා කාපන්..

යකෝ.. කනවා කියල ඔහොම කන්න හොඳ නැහැ.. මේ මිනිස්සු අපිට සලකන්නේ ස්වාමින්වහන්සේට සලකන විදිහට.. සමහරවිට මේ මිනිස්සු මේ කන්න උයන්න බඩු ගේන්නේ කඩෙන් ණයට වෙන්න පුළුවනි. ඒ නිසා මේ මිනිස්සු ගැන හිතල ඕක දැන් නවත්තපන්..

මිනිහෝ.... මේ හාල් මේ මිනිස්සුන්ගේ කුඹුරේ හාල්.. මේ එළවලු මේ මිනිස්සුන්ගේ එළවලු කොරටුවේ එළවලු.. මේ ඔක්කොම මේ මිනිස්සු තමන්ගේ වත්තේ පිටියේ හදාගන්න දේවල්..

ඈ බෝල බූරුවෝ.. එතකොට උඹ කියන්නේ මේ සැමන් බැදුමේ තියන සැමන් මාළු මේ ගෙදර මනුස්සය උන්දැගේ නැවෙන් මුහුදු ගිහින් මාළු අල්ලාගෙන ටින් කරගෙන ගෙනල්ල කියලද.. එතකොට මේ පපඩම් මේ මනුස්සයාගේ පපඩම් ෆැක්ටරියේ හදන පපඩම් කියලද.. එතකොට දැන් අපි මේ ගෙදරට ආවේ කළුවර වැටුනයින් පස්සේ.. එතකොට උඹ කොයි වේලාවේද මේ මිනිස්සුන්ගේ කුඹුරු දැක්කේ.. දැන් මේ එළවලු ගෙනාපු කොරටුව උඹ දැක්කද.. ගොන් කතා නොකිය ඔය කෑම දැන් නවත්තපන්.. 

විකාර නැතුව කාපං බං..

එසේ කියමින් තම ආහාර බුදීමේ මහා සංග්‍රාමය සිරා අහවර කලේ බත් බේසම් තුනක බත් තම අමාශය වෙත ගබඩා කිරීමෙන් අනතුරුවය. එඩ්වර්ඩ් ජයකොඩි කියනා ආකාරයෙන් දීසිය පුරවා දෝසි දමාල කුමුදුමතී හිනැහේවී කියා සිතන්නටවත් සිරා ගෘහණියට අවස්තාවක් දුන්නේ නැතිය. ඉන් අනතුරුව ගෘහණිය විසින් කෑම මේසය වෙත ගෙනවිත් තැබූ කෙසෙල් අවිරියෙන්ද ගෙඩි හත අටක් අනුකම්පා විරහිතව කා දැමු සිරා මේසයෙන් නැගිට්ටේ කට පුරා නිවැසියන්ට ස්තුති කරමින්ය..

අපූරු කෑම ටික.. අපිට ඉතින් මේ වගේ ගමේ කෑම නිතර කන්න ලැබෙන්නේ නැහැනේ..

සිරාගේ කෑමේ හපන්කමට ස්තුති වන්නට එම නිවැසියන්ගේ මුහුණ බලන්නට නොහැකියාව නිසාම රංජිත් සහ අම්බලන්ගොඩයා වෑන් රථයේ රැය පහන් කරන්නට ඉටාගන්නා අතර අරුණළු වැටුන වහා නිවසියන්ටත් සහ  නිවසේ කාමරයේ සුවසේ නිදනා සිරාටත් නොකියාම ආරණ්‍යය වෙත වාර්තා කරන්නට තීරණය කරනවාය. එය එසේම සිදුවූ අතර සිරා එම නිවසින් ආරණ්‍යය වෙත පැමිණෙන්නේ එම නිවසින් පාතරාසයද වලඳා අවසන වන අතර සිරා නිවසින් පිටවූ වහා නිවැසියන් සැනසුම් සුසුම් හෙලන්නට ඇතියයි සිතන්නට කරුණු කාරනා බොහෝය.

පසුදා දිනයම ගොඩයා , රන්ජිත් සහ සිරා එහි පැමිණි විදුලි ආලෝකය සැපයීමේ කර්තව්‍ය වෙනුවෙන් යොදවෙන අතර යකඩ කණු සිටුවා පොලොව යට බට එලා ඒ තුලින් වයර් ඇද යකඩ කණු වලට සවිකරන ලද විදුලි බුබුළු ආලෝකමත් කෙරෙනාවිට රාත්‍රී අට පමණ වීලාය. එම කටයුතු සිදුකරන අතරතුර ගම් වැසියන් විසින් රැගෙන එන සංග්‍රහ කටයුතු බඩපුරා භාරගන්නට සිරා කැමැත්තෙන්ම ඉදිරිපත්වන  අතර එවන් තමුන් දන්නා කියන වැඩ කටයුත්තකට හැරුණකොට නොදන්නා වෙදකම් කරන්නට ඉදිරිපත්වීම සිරාගේ පුරුද්ද නොවේය. එම නිසා විදුලි ආලෝක කටයුතු වලදී සිරා වැඩිමනක්ම කරන්නේ ගොඩයා හෝ රංජිත් කියනා දෙයක් කියනා ආකාරයෙන් ඉටුකිරීම පමණය. 

එදින රාත්‍රිය ආරණ්‍යයේ බණ මඩුවේ ගතකරන්නට මිතුරන් තිදෙනාටම සිදුවන්නේ ගොඩයා පසුදා හීල දානය පිළියෙළ කරන්නට භාරගත් නිසාය. ලග්ගල ප්‍රදේශය මදක් සීතල ප්‍රදේශයක් බැවින් සිරා ගොඩයාට බැනවදිමින් බන මඩුවේ බංකුවක් උඩ නිදන්නට වූ අතර පසුදා හීල දානයට අවශ්‍ය කළමනා සකස් කිරීම වෙනුවෙන් ගොඩයාට මුළු රාත්‍රියෙන් වැඩි කාලයක් නොනිදා පහන් කරන්නට සිදුවෙනවාය. ගමේ සිට එද්දේ හීල දානය වෙනුවෙන් ඕනෑම උදව්වක් සැපයීමට සූදානම් යයි කටමැත දෙඩවූ නිසා අලුයම හතර වෙද්දී සීරාව අවදි කරවන්නට ගොඩයා අමතක කරන්නේ නොමැතිය.

නැගිටපන්..

කරදර නොකර හිටහන් බාන්..

සීතල වතුර බාල්දියක් නාවන්න කලින් නැගිටහන්..

හරි බාන්.. නැගිටින්නම්.. එහෙනම් තේ එකක්වත් හදපන්කෝ..මල වදේ..

තෝ හිතුවද බුරුවො බොට තේ හදන්න මම උඹේ අප්පු කියල.. මගෙන් කුණුහරුප අහන්නේ නැතුව නැගිටලා ළූණු සුද්ද කරලා පොල් ටික ගාල දීපං..

මෙතෙන්ට ගෙනත් දීපන්..

සිරෝ.. මම මීට කලින් දැකල නැහැ නිදාගන්න ගමන් පොල් ගාන්න පුළුවන් හිරමනයක් මේ ලෝකේ තියෙනවා කියල.. මම බොට හිරමෙනෙයි පොල් ගෙඩියයි ගෙනල්ල දෙන්නම්.. නිදාගෙන බැරිනම් ඔලුවෙන් හිටගෙන හරි ගාපන්.. 

උඹේ තියන වදේ බන්.. උඹේ මේ හීල දානයක් බාරගත්තේ නැත්තම් අපි යසට කොහෙන් හරි කාල සැපට ඇඳක නිදාගන්නවනේ බන්..

සිරෝ.. උඹ මේ ගමන ආවේ බඩ පුරා කාල නිදාගන්න උනාට මම මේ ගමන අවේ පන්සලේ ලයිට් වැඩේ කරලා දීල දානේ දෙන්න ඕන නිසාමයි.. ඒ නිසා මට කියල  සීත වතුර බාල්දියක් නාවගන්න කලින් නැගිටලා පොල් ටික ගාල දීපන්..

එලෙසින් සවාදය අවසාන වෙද්දී රන්ජිත්ද නින්දෙන් අවදිවී ළූණු සුද්ද කරනවාය. සිරා නිදි කිරා වැටෙමින් හිරමන කොටය උඩ පොල් ගානවාය. ඒ සියල්ල අවසානයේ ලග්ගල ආරණ්‍යය භූමියේ පළමු වතාවට දානයක් පිළියෙළ කිරීමේ පිරිස වගට ගොඩයා ප්‍රමුක පිරිස ඉතිහාසගත වන අතර හීල දානය අවසානයේ ස්වාමින්වහසේලා සහ මිතරු පිරිස ගමරට බලා පිටත් වෙනවාය. 

ඒ එන ගමනේදී මහියංගනය ප්‍රදේශයේදී ගොඩ වැදුණු නිවසක ආගන්තුක සත්කාර වෙනුවෙන් ටීපෝව මත තැබූ කෙසෙල් ඇවිරිය අනුකම්පා විරහිතව කිහිලි ගන්වාගෙන සිරා වාහනයට ගොඩවෙනවාය. රංජිත් විසින් බලවත් පෙරැත්තයෙන් කෙසෙල් ඇවිරිය නැවත ටීපෝව මතින් තැබීමට උත්සහ කලත් සිරාගේ පිළිතුර වුයේ..

මේ මිනිස්සුන්ට මේ කෙසෙල් කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි බාන්.. මේ මිනිස්සුට කෙසෙල් ඕනෑතරම් තියෙනව.. අනිත් එක මේ මිනිස්සු ආගන්තුක සත්කාර වලට බොහොම ලැදි මිනිස්සු..

එතනින් එහා සිරාට හොඳ නරක කියාදීමේ පලක් නොමැති වූ නිසා ගමට පැමිණෙන තරුම නවතින කිසිදු නිවෙසකට වාහනයෙන් බැස නොයා සිටින්නට ගොඩයාත්, රන්ජිතුත් ඉටාගන්නවාය.

සිරා විසින් කන ලද සුපිරිම කෑම ගැන නොලියා පොස්ටුව අවසන් කිරීම සිරාට කරනාවූ අගෞරවයක් නිසා පොස්ටුව දිග වැඩි වුවත් එයද මෙහිම ලියා තබනවාය..


ගොඩයාගේ අතිජාත මිත්‍රයකු වන ප්‍රසන්නයා එදත් අදත් සංගීත ප්‍රසංග නැරඹීමට අතිමහත් රුචිකත්වයක් දක්වනා එකකු නිසා අහල පහලක සංගීත ප්‍රසංගයක් තිබේනම් එහි යාමට සතියක පමණ කලින් හිටං නාහෙන් අඬනවාය. එක්තරා දිනෙක ප්‍රසන්නයා සභාගත කල යෝජනාවක් ගොඩයාගේ අනුදැනුමක් නොමැතිවම සම්මතවී දුර බැහැරක සංගීත ප්‍රසංගයක් නැරඹීමට පිරිස සූදානම් වීලාය. සංගීත ප්‍රසංග නැරඹීමට යාම ගොඩගේ පුරුද්දක් නොවුනත් සත්කාරක ප්‍රවාහන දායකත්වය දැක්වීමට සිදුවන නිසා ගොඩයාද හරකා දක්කන නියාවෙන් සංගීත පාලුවන් පිරිස ප්‍රසංගය තිබෙන තැනකට බස්සවා ප්‍රසංගය නිමවනතුරු වාහනයට වී සැපට බුදියනවාය. එදින සංගීත ප්‍රසංගය පැවතියේ කුලියාපිටියේ වූ අතර එය සුප්‍රසිද්ධ ගුවන්විදුලි ආයතනයකින් පවත්වන්නක් බැවින් ප්‍රසන්නයා එහි යන්නට අඬන්නේ මාසයක හමාරක හිටන්ය. ප්‍රසංගය පැවැත්වෙන්නේ සිකුරාදා රාත්‍රියක බැවින් ගොඩයාට නිවාඩු  ගැනීමට නොහැකියාව පවසා ගමන මගාරින්නට  උත්සහා කලද ප්‍රසන්නයා ගොඩයාගේ රථය අම්බලන්ගොඩ සිට කොළඹට පදවාගෙන එන්නට ඉදිරිපත්වූ නිසා ගොඩයාගේ වෑයම සාර්ථක නොවෙනවාය. ප්‍රසන්නයා ඒ අකාරයෙන් තම ජීවිතයේ පළමු වතාවට රථයක් පදවාගෙන කොළඹ පමණි උත්කර්ෂවත් කතාව වෙනත් පෝස්ටුවකින් වෙනමම ලිවියයුතු රසවත් කතාවක් බැවින් එම සිද්දි මාලාව වෙනත් පොස්ටුවක්න් ලියවෙනවාය.


සැලසුමට අනුව සියල්ල සිදුවූ නිසා කුලියාපිටියට සැපත්වූ පිරිස සංගීත සංදර්ශන භූමියේ මිනිස් යායක් තුලින් නොපෙනී ගිය වහා ගොඩයා වෑන් රථයට වී නින්දට වැටෙනා අතර නැවත අවදිවන්නේ එළිවෙන් යාමයේ සංගීත සංදර්ශනය අහවර වූවායින් අනතුරුවය. පිරිස නිවෙස් බලා යන්නට සූදානම් අතර සිරා වෙනදාට වඩා වෙනස් ආකාරයකින් භූත දෙඩවීම ගැන වැඩි අවදානයක් යොමු නොවුයේ ගොඩයා හැරුණකොට සම්පූර්ණ නඩයම මදක් අනුමතවී සිටි නිසාය. ඉන් අනතුරුව කුලියාපිටියේ හිටන් අම්බලන්ගොඩ දක්වා ධාවනය වන වාහනයේ සියල්ලෝම සැපසේ නිදන්නෝ වූ අතර සිරා කිසිදු නිදිමතක් නොමැතිව නොනවත්වා කියනවාය. අගක් මුලක් නොමැති ආත-භූත දෙඩවීම අනෙක් මිත්‍රයින් හට වැඩිමනක් ගණනකට නොවුයේ ඔවුන්ද අඩ නින්දේ පසුවූ පිරිස බැවින්ය. 

ගොඩයා සිරාගේ ආත-භූත වලට ඔව්, නෑ, බෑ, වැනි කෙටි වචන වලින් පිළිතුරු දෙමින්ද එකඟ නොවීම බැරි තැන් වලදී හූමිටි තබමින් රථය පදවාගෙන එනවාය. සිරා සිටින්නේ ගොඩයාගේ රියදුරු අසුනට පසුපස ආසනයේ වන බැවින් ගොඩයාට සීරාව නොපෙනෙනා අතර රථයේ අවදිව සිටින්නේ ගොඩයා සහ සිරා පමණය. කොළඹ පසුකර රථය ගාලු පාරට දමද්දේ රථයේ සියල්ලෝම තදින් නින්දේ හුන් අතර සිරා නොනවත්වාම කියවීම කරගෙන යනවාය. යාන්තමට අරුනළු වැටීගෙන එන වෙලාව බැවින් ගොඩයා නිදිමත යන්නට කහට කෝප්පයක් බොන්නට කියා රථය නවත්වනවාය. නැවැත්වූ රථයේ අවදිව සිටින්නේ සිරා පමණක් බැවින් සිරාටද තේ කෝප්පයක් බොන්නට රථයෙන්  බැස එන්නට ආරාධනා කරමින් ගොඩයා රථයෙන් බැස ගියද සිරා තේ කඩය වෙත නොආ නිසා ගොඩයා නැවත රථය වෙත වාර්තා කරන්නේ සිරා නාවේ මන්ද යයි විපරම් කර බලන්නටය. හුටාය.. අනෙකුන් සැවොම සුව නින්දේ පසුවුවත් ගොඩයා රථයේ නොමැතිවත් සිරා පෙර පරිදිම තොර තෝංචියක් නොමැතිවම කියන්වනවාය. තව ටිකක් ලංවී බැලුකල සිරා කියවන්නේ තනිවම වග ගොඩයාට වැටහෙන්නට වැඩි වෙලාවක් ගතවන්නේ නොමැතිය. එයින් කලබලයට පත් ගොඩයා රථයේ නිදන සංගීත ලෝලීන් සියල්ලෝම අවදි කරවනා අතර සියල්ලෝම වටවී සිරාගේ කතාවට ඇහුම්කන් දෙනවාය. 

ඉන් අනතුරව අම්බලන්ගොඩ වෙත ධාවනය වන රථය ගිලන් රථයක ස්භාවයක් ගන්නා අතර සියල්ලෝම සිරාගේ කතාව නවත්වා සීරාව අවධි කරවන්නට උත්සහ කරනවාය. එහෙත් ඒ කිසිවක් නාවෙනා ගානට සිරා ඇස් පියාගෙන තම කතාව දිගටම කරගෙන යනවාය. එම තත්වය යටතේ සිරව නිවසට රැගෙන යාම සියල්ලන්ගේම හිස ගසා දැමෙනා වර්ගයේ සුවිසයිඩ් මිෂන් එකක් වන නිසා සිරා ප්‍රකුර්ති සිහියට පැමිණෙනා තුරු කළුතර කැලිඩෝ වෙරළේ කාලය ගත කරන්නට සැවොම එකඟ වෙනවාය. එම තීරණයට අනුව කැලිඩෝව වෙත රථය පැදවෙනවාය.

එදින සවස් භාගය වෙද්දී සිරා යම්තාක් දුරට ප්‍රකුර්ති සිහියට පැමිණෙන අතර සිදුවී ඇති සන්තෑසිය සිරාගෙන් අසාගන්නේ ඉන් අනතුරුවය..

මොකෝ බන් උඹට  උනේ..

මට...පිස්සුද බොලාට.. මට මුකුත් උනේ නැහැ..

එහෙනම් මෙච්චර වෙලා උඹ ඉවරයක් නැතුව කියෙව්වේ..

පිස්සුද බන්..

හරි.. දැන් කියහන් උඹ මොනවද අපි බීපුවට අමතරව අපිට හොරෙන් බිව්වේ..

මුකුත් බිව්වේ නැහැ බාන්..

එහෙනම් මොකෝ උඹට උනේ..

බිව්වේ නම් නෑ.. ඒත් පොඩි දෙයක් කෑවා..

මොනාද..

නම දන්නේ නැහැ බන්.. මාර්කට් එකේ එකෙක් ගෙනත් දුන්නේ සංගීත බලන ගමන් කෑවාම මාර ෆන් එකක් ගන්න පුළුවන් කියල..

කෝ දැන් උඹ කාපුවා..

මේ තියෙන්නේ..

සිරා සාක්කුවෙන් ඇද ඉටිකොළ පැකට්ටුවක් පිරිසට පෙන්වනවාය..

" කැටවල ශ්‍රීමත් මදන මොදකය"

හුටා.. 

මදන මොදක පැකට්ටුවෙන් හරි අඩකට වඩා සිරා කා දමලාය. හරියටම කියනවානම් ප්‍රමාණයෙන් විස්සක් තිබෙනා මදන මෝදක පැකට්ටුවෙන් මදන මෝදක දෙකක් ඉතුරු වන්නට අනෙකුත් මදන මෝදක දහ අටක් සිරා තනිවම ගිලලාය. එහෙත් කොහේදෝ වාසනාවකට වසර හතරකට එපිටදී කල් ඉකුත්වී තිබු මදන මෝදක පැකට්ටුවක් නිසා සිරා එතනින් බේරුනා නියා කල් ඉකුත් නොවූ මදන මෝදක පැකට්ටුවක් වූවානම් සිරා අංගොඩ රෝහලේ පර්මනන්ට් රෙසිඩන්ට් වන්නේ එදාය. 



55 comments:

  1. හම්මේ ඒකනම් එල ඈ.හිනාවෙලා කදුලුත් ආව බන්.මේක කියවන්න ඕන මදනයක් කාල තමයි.එහෙනම් ඉතින් බලාගන්න තිබුන අල්ලපු කාඹරේ ඉන්දියන් කාරයා ඇවිත් මාව පිස්සන් කොටු අරගෙන යන එක.මන් අර පෙරේද 33000 හෙ උඩ යනවයි කිව්ව වෙලාවෙ ඇයි මස්සිනේ මේ කතාව මට එව්වෙ නැත්තෙ 😎

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ ලියල තිබ්බේ භාගයයි බං.. පොස්ට් භාග භාග පබ්ලිෂ් කරන සිරිතක් නැහැ නෙව..

      Delete
    2. මට විතරක් දාපන් මැට්ටො😛

      Delete
  2. මොන කරදර බාදක ආවත් කන එක ලෙසටම කාපු සිරාට අපේ උපහාරය වෙිවා...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... සිරා කවදත් කෑම කන්න ඕනෑම භාදකයක් මැඩගෙන ඉදිරියට යන පොරක්..

      Delete
  3. මේක කියවන්න කියලා සිරාගෙ ගෙදරට පණිවිඩයක් යවන්න හිතුන මට.....හාද?

    ReplyDelete
    Replies
    1. හාකො.....අනේ කෝමහරි ඒ වැඩේ කරන්නකො.එදාට මන් ලියනව පෝස්ටුවක් "නෙතූගේ කේලමෙන් ගොඩයාට කෑම"
      😛😛😛😛😛😛😛😛😛😛😛😛😛

      Delete
    2. ගොඩයා ගැන පෝස්ටු කීපයක් ලියන්න හිතාගෙන ඉන්නේ ඒක නිසා ඔය සිරාගේ අම්මා හමුවෙන්න යන්න වෙනව කොහොමත් මට... ගොඩයා ගැනත් දන්නව ඇතිනේ ඒ ආන්ටි හොදටම ... අම්බලමා තුමා ගැන කවුරුවත් නොලියන එක හරිම අසාධාරණයක් ..මම හිතුවෙ එයාටත් සාධරනයක් කරන්න ඕනෙ කියලා..කෝ ඔයා හිටියට ලියන්නේ නෑනෙ ...

      Delete
    3. ඒ කියන්නේ නෙතූ සීරාව අඳුරනවා කියන එකද...

      වොට්සන් ගනින් මගේ තුවක්කු කොටේ.. මේ නෙතු කියන එකී මොකාද කියල හොයාගන්න ඕන අදම..මේ අදම..

      Delete
    4. නෙතු,..ඔයාට කලින් බොහොම කට්ටියක් දත කෑවා ගොඩයා ගැන පෝස්ටුවක් ලියන්න.. කෝ තාම නැහැනේ ඉතින්..

      Delete
    5. නෙතුවො සිරාවටද කිව්වෙ.මගෙන් ෆුල් බකප් එක.සිරාගෙ අම්ම විතරක් නෙවෙයි බතලයගෙ අම්ම අපේ අම්ම ගොඩයගෙ අම්මවත් හම්බෙන්න පුලුවන්නම් තමා සාර්තක පෝස්ටුවක් ලියන්න පුලුවන් වෙන්නෙ.ඔයාට මගෙන් උදව්වක් ඕනනම් මට පනිවිඩයක් තියන්න.yasampath@yahoo.co.uk 😎

      Delete
    6. ඔව් ඔව් නැතුව නැතුව වෙලාවක යන්න ඕන හම්බවෙන්න ඔක්කොගෙම මමාලා ඩඩාලා ටික..ගොඩයගෙ තාත්තාගෙන් තමා විස්තර ගන්න ඕන..පොල්වත්ත හන්දියේ අන්කල් ඉන්නවා මම දැකලා තියෙනවෝ....ඕන උනොත් වැඩි විස්තර දැනගන්න ඔයාට මේලක් දාන්නන්කෝ.....

      Delete
    7. අන්කල්ගෙන් මොනා ඇහුවත් කමක් නෑ බයිසිකලේ ගැන නම් අහන්න එපා.මොකද ඔයාට විස්තර ලැබෙනව වෙනුවට ඔයාට කන්වල ඇගිලි ගහගන්න අහගන්න ලැබුන කියල අපිට ආරන්චි වේවි.ඔයා පෝස්ටුව ලියන්න පටන් ගන්නකො.මන් ගොඩයට කියලම පලකරල දෙන්නම්.හාද 🙂

      Delete
  4. මටනම් හෙණ අපුලයි ඔය අනිත් උන් ගැන හිතන්නේ නැති පජාත උන් ගැන, අපි එක්කත් එහෙ මෙහෙ ගිය එකෙක් හිටියා ඌත් එහෙමයි. අනිත් උන් ගැන හිතන්නේ නැහැ. මළපෙරේතයා වගේ පුළුවන් උපරිමය ගිලිනවා...
    අනිත් උන්ට කෑම ඇතිද කියල හිතන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ...

    වෙන එකෙක්ව මෝරා කරගන්නේ නැතුව තමන්ගේ අතින් සල්ලි ගෙවල කන්න වෙන වෙලාවකත් ඔය කියන සිරා ඔය විදීහටම කනවද...
    මට ලොකු ෂුවර් එකක් තියෙනවා එහෙම වෙන්නේ නැති බවට. ඌ තනියම කඩේකට ගිහින් කන වෙලාවක ඌ දන්නේ නැති එකෙක් දැම්මල චෙක් කරලා බලපන්. අනිවා ඒ වෙලාවට ඌ කඩෙන් එලියට එයි පොඩ්ඩක් ලෙවකාලා...

    මුකුත් ඕනේ නැහැ, උඩ ටික්කා කියපු විදිහටම සිරා ඔය කන විදිහට කඩේකින් කෑවොත් බිල ගෙවන්න ඉඩකඩම් පවා උකස් තියන්න වෙයි...
    එහෙම නැත්තන් ඌ කඩේකින් කද්දී කනවා ඇත්තේ අසරණ බුෆේ කාරයින්ගෙන් විතරක් වෙන්න ඕනේ...

    මොනා උනත් අර මෝදක සිද්ධිය නම් පට්ට මචං... :)

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා.. අපේ සිරා අනික් එවුන්ගෙන් වෙනස් වෙන්නේ ඔන්න ඔතනදි තමා.. සිරා කවදාවත් ඌ වියදම් කරලා කෑවත් කෑවෙ එහෙම තමයි.. කට්ටිය එකතු වෙලා කරන ඕනෑම වැඩකට මුදල් දායකත්වය දක්වන ඕනෑම වෙලාවක සිරා කවදාවත් පස්සට ගිහින් නැහැ. සිරා එහෙම මනුස්සයෙක් නිසා තමයි අවුරුදු විස්සකට වැඩි යාළුකම් අදත් එහෙමම තියෙන්නේ. සිරාට තියන එකම දුර්වලකම තමයි අනෙකාගේ ආර්ථික අමාරුකම් නොතේරීම.. ඒකට හේතුව තමා සිරා කියන්නේ උපන් දවසේ හිටන්ම ධන ධාන්‍ය වලින් අඩුවක් පාඩුවක් නොමැති පවුලක වැඩිමල් දරුවා වීම..

      Delete
    2. මටත් එපා කරපු එවුන් තමයි අනිත් උන් ගැන හිටහන්නේ නැතුව කන බොන එවුන් ..

      Delete
  5. සිරා මාර ඩෑල් එකක්නෙ. ඔය වගේ එකෙක් එක්ක ගෙදරක කන්න ගියොත් යන එවුවංගෙ සායම ඉවරෙටම ඉවරයි.

    අර මෝදකේ ගෙනත් දීපු එකාත් සිරාට කන්න දීල පාඩමක් ඉගෙනගත්ත එකෙක්ද දන්නෑ. එහෙම උනානං හැබැයි උෟ ගෙනත් දෙන්නෙ එදාම හදපු මෝදක පැකට් එකක්. හැක්..

    ReplyDelete
    Replies
    1. මෝදකේ හරි පදමට තිබ්බ එකක් උනානම් අද වෙද්දී සිරා පිස්සන් කොටුවේ තමා.. මදන මෝදකය ගැන තව රසවත් කතා දෙකක් තියෙනවා.. පසුව ලියන්නම්කො..

      Delete
  6. මෝදක දහඅටක් ..දෙයියන්ගෙම පිහිටයි ඌට :D

    ReplyDelete
    Replies
    1. කල් ඉකුත් වෙච්ච මෝදක නිසා සිරා ගොඩ ගියා බං..

      Delete
  7. සිරා නම් සිරාම පොරක් තමයි. මගෙත් යාලුවෙක් හිටියා මේ වගේ. මිනිහට අපි කිව්වේ කන බොනයා කියලා.

    ReplyDelete
    Replies
    1. කන බොනයා... මරු නම බං.. සමහරු බඩ පුරවන්න කනවා.. සමහරු දිව පිනවන්න කනවා.. තවත් සමහරු කෑම ගෙන්න සල්ලි දැම්ම නිසා කනවා බං..

      Delete
  8. අනේ මේක සිරා දැකපං පුතී

    ReplyDelete
    Replies
    1. හීනෙන් වත් එහෙම නොවේවා කියලයි මගේ ප්‍රාර්ථනය..හෙහ්..

      Delete
  9. සිරා සිරා කියලා ඕවා කොටලා කුදලගෙන යයිද දන්නෙත් නෑ හිටං

    ReplyDelete
    Replies
    1. හුටා.. ඒක මතක් උනේ දැන් බං.. දැනටනම් අවුලක් නැහැ ලංකාවෙන් පිට ඉන්න නිසා..

      Delete
  10. සිරා පොරක්නෙ..සිරා,අම්බලන්ගොඩ ඉදන් කුලියාපිටියට ප්‍රසංගයක් බලන්න එනව කියන්නෙ වෙලාව නාස්තියක් නෙමේද????

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ ඉඳන් කුලියාපිටියට සංගීතයක් බලන්න එනවා කියන්නේ ගොන්ම ගොන් මරි මෝඩ වැඩක් බන්.. කොහෙද අපේ ප්‍රසන්නයා එහෙම ලේසියට නම්මන්න පුළුවන් එකෙක් නෙවෙයි.. ඌට අපි කිව්වේ බබා කියල.. මොකද කියනවනම් බබාලාට තියන ආසාවල් තමා තිබ්බේ ඒ කාලේ.. ඔය ගමනට බැහැ කිව්වනම් දාහක් රටේ නැති කුණු කතා කියාවි වාහනේ ටයර් ගෙවෙනවට යන්න බෑ කියනව කියල..

      Delete
    2. නැහැ බන් ඒක වෙලාව නාස්තියක් නෙමයි එකෙත් පොඩි ආතල් එකක් තියනවා ..

      Delete
  11. මෙහෙම කතා කියවන්න , අම්බලන්ගොඩ අයියම ලියන්න ඕනේ... :) :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එරන්දි..

      Delete
  12. මෙහෙම හිනා යන කතා ලියනවට ගොදයට වෙනම සම්මානයක් දෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. සම්මාන ?????? හපොයි එපා... ඔව්ව අරගෙන රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්න එපයි බන්..

      Delete
    2. ගොඩයට සම්මාන හම්බෙන්න තව කල් තියෙනව.ගොඩය ලියන කතා වල එන චරිතවලින් මන් විතරයි මේව කියවන එකම එකා.අනිත් උන්ට මේවට වෙලාවක් නෑ.හැබැයි මතු දවසක මේ චරිතවල ඉන්න උන්ගෙ පොඩි උන් මේව තාත්තලට ඇහෙන්න කියවපු දාට තමයි ගොඩයට සම්මාන හම්බවෙන්නෙ 😂😂😂

      Delete
    3. අපොයි මරු සිරා!! මමනං කියෙව්වෙත් අමාරුවෙං ඌ කොහොම කෑවද මංදා ඒ හැටි.. අර පපඩං ආපහු බැදපු කතාව එහෙම.. සෙහ්.. මේකා හෙන මන්දයෙක්නේ බං..

      අපි කවදාවත් කෑමට ගිහිං කුජීත වෙලා නෑ. මොකද තැනකට ගිහිං කන්න කලින් බීල වැඩි වෙලාම කුජීත වෙනවනේ.. ඊට පස්සේ බැණුං අහන්නේ උයපුවා කෑවේ නෑ කියල.. හැක්

      Delete
    4. ආන්න එතන තමා බෝලාගෙයි අපෙයි වෙනස තියෙන්නේ.. බිව්වොත් වෙනද කන ප්‍රමාණය X 3 වෙනව බන්..හෙහ්..හෙහ්..බීපු කාලයක් මතක නැහැ බං.. තනියම බීම ම්හ්..:(

      Delete
  13. අම්මට සිරි සිරාම පොරක් තමයි

    ReplyDelete
    Replies
    1. එකනේ අපි සිර කියල කියන්නේ ඌට.. හැබැයි ඉතින් ඔය සිරා කියන හැඳින්වීම තනිකරම ඌ නැති තැනදී විතරයි..

      Delete
  14. ඉරා ගෙන බඩ ගෙඩියෙ ඉඩකඩ හොදට කන බොන පොහොසතා
    කිරා මනිනා පුරුදු නැතිවම අහර ගිලින ඒ මනුසතා
    තරා ආවත් බනින්නට බැරි තරම් පෙනුමැති පිංවතා
    සිරා ගැනනම් හිතෙන්නෙම මට සරළ ගති ඇති හිතවතා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද.. සිරාලා ඉතින් දැන් රටේ ප්‍රසිද්ද සරල ගති තියන පුද්ගලයෝ විදිහටනේ හිටං..

      Delete
  15. 2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

    බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

    හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

    පිහාටු - https://tinyurl.com/k7azlyz

    සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/05/2017.html




    2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    Pra Jay

    Sa rasa

    පත්තර මල්ලි



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/04/2017_29.html

    ReplyDelete
  16. මමත් එක සැරයක් මෝඩක කළා ..ඇලක බහ්ගෙන වැලි අහුරු අරගෙන අනිත් එවුන්ට දෙනවලු මේ රත්තරං කියලා

    ReplyDelete
    Replies
    1. මෝදක කතා එමටයි බං.. වැඩිහරියක් එව්වා ලියන්න බැහැ අදාළ පාර්ශවයන් මා එක්ක අමනාප වෙනවා ලිව්වොත්..

      Delete
  17. අයියේ හැමදාම හැම ලිපියම කියවනවා.පලවෙනි වතාවට කමෙන්ටුවක් දන්නේ.එල,ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රමෝද්..

      Delete
  18. මටත් අවන්කවම සිරා වගේ බඩජාරියන්ව නම් පිලිකුල්.හැබැයි වෙන හොද ගතිගුන ඇති නැත්තම් ඔච්චර කල් යාලුකම් තියෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. සිරා එහෙම කෑවට යාලුකමේ අඩුවක් නෑ. සීරියස් හිතන්නේ නැති එක ඇරුනාම එතනින් එහා සිරාගේ කියන්න වරදක් නෑ.

      Delete
  19. සිරා ඉපදිලා තියෙන්නෙ මකර නැකතකද කොහෙද ... මේ වගේ කෑම දාසල එකෙක් හරි සෙට් එකක ඉන්නව :)

    බඩ පිරෙන්න කිරි එකක් පෙව්ව නම් අරූගෙ මදන කලන්තෙ බහිනව !

    ReplyDelete
    Replies
    1. කිරි ? අපේ සිරාට ? ගැලුම් දෙකතුනක්වත් පොවන්න වෙයි උගේ බඩජාරි කමේ හැටියට ..

      Delete
  20. ඔය ආතල් එක ගැන නං කියලම වැඩක් නෑ. පට්ටම පට්ටයි. අවුරුදු විස්සක අත්දැකීම් තියෙනව😊😊. ඔය වගේ ආතල් එකක් ගත්තෙ අපි පරාක්‍රමසමූද්‍රය ගාව නන්න බෙික් රිලවුන්ගෙන්. මුන රතුවෙච්චි රිලව් ජම්බුගෙඩිවගේ රතු වෙනව. පව් ඉතින්. හැබැයි ඔිව කාල ශෙල් එකෙත් ඉඳල තියෙනව මමනං.

    ReplyDelete
    Replies
    1. උඹලා ඔව්ව කාලා යුද්ද කරානම් කොටි එද්දි තුවක්කුව අල්ලගෙන හිනා වෙවී ඉඳීවි.... ඔව්ව කෑවාම සතුරා මිතුරා වගේ පේන්න ගන්න එක ස්භාවිකයි...

      Delete