Saturday, July 22, 2017

අපේ ගුරුවරු 1 - ත්‍රිපෝෂ , හයිබ්‍රිඩ් ටොකු සහ කොස් ගහේ මෙව්ව එක




අම්බලන්ගොඩයට ගුරුවරු ගැන පෝස්ටුවක් ලියන්න කාලෙක හිටං ඕනෑකම තිබුනත් ඒ ඕනෑකම දවසින්දවස මගෑරුනා කියමුකෝ. ඒ හින්ද ගොඩයා මේ ලකලැහැස්ති වෙන්නේ ගුරුවරු කීපදෙනෙක් ගැන මතකය අවධි කරන්න. ගොඩයා හිච්චි එකා සංදියේ හිටං උගන්නපු ගුරුවරුන් ඔක්කමලා ගැන විඩින් විඩේ ලියන්න ඕනෑ කියන හිතිවිල්ල ඔලුවේ තිබුනත් බ්ලොග් ලියවිල්ල එහෙම සැලසුම් කරගෙන කෙරෙන වැඩක් නෙවෙයි නිසා එවෙලෙට හිතට එන දේ ගැන ලියවෙනවා මිසක්ක සැලසුම් කරන එව්වා ලියවෙනවා බොහෝම අඩුයි කියමුකෝ. ඒ හින්ද ගොඩයා තීරණය කළා වෙලාව ලැබෙන විදිහට ගුරුවරුන් ගැන පොස්ටුවක් ලියන්න. 

ඉස්සෙල්ලම ගුරුවරුන් ගැන ලියන්න  පටා...........න් ගනිද්දී පෙර පාසැල් ගුරුවරිය ගැන යමක් සඳහන් නොකර සිටීම එතුමියට කරනා අසාධාරණයක්.  අයන්න ආයන්න ඩබල් රූල් පොතේ රූල් අතරේ ලියන්න පුරුදු කරපු මණුසීලි ටීචර් ගොඩයට මුණගැහෙන්නේ කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමයේ තිබ්බ පෙරපාසලේදී. ඒ කිව්වේ එක්දහස් නවසිය අසූ දෙක වසරේ වෙන්න ඕන. ඒ කාලේ අද කාලේ වගේ හංදියක් හංදියක් ගානේ පෙරපාසල් තිබ්බ කාලයක් නෙවෙයි. ඒ වගේම ගොඩයාගේ නිවසට ආසන්නම පෙරපාසල වුනේ කලුවඩුමුල්ල පංසලේ පෙරපාසල තමා ඉතින්. ඔය පෙරපාසලේ ගුරුවරුන් දෙන්නෙක් හිටියා කියල මතකයේ තිබුනත් අනෙක් ගුරුවරිය කව්ද ඇයගේ නම මොකක්ද කියන එක ගැන ගොඩයාගේ මතකය හරීම දුර්වලයි. 

ඔය කියන ගුරුවරියන්ට ගොඩයා සම්භන්ධ පළමු අභියෝගය වුනේ අකුරු ලියවීම නෙවෙයි. අකුරු ලියන්න හත් ඉලව්වේ අම්බලන්ගොඩයාව පෙර පාසලේ ඉන්දගන්න එපැයි ඉතින්. කොහේ ඉන්දගැනිල්ලක්ද මයේ අම්මා ගොඩයා පන්සලේ ධර්මශාලාව ඇතුලට අතුල්කරපු ගමන්ම ගුරු දෙපොල යමපල්ලෝ දෙන්නෙක් වගේ දෙපැත්තෙන් ඉඳන් ධර්මශාලාවේ දොර වහනවා කියහන්කෝ. ඊට පස්සේ ගොඩයාගේ භාරකාරයා වෙච්චි පුංචි අම්ම එළියේ.. ගොඩයා ඇතුලේ.. ඉතින් කොහොමද මයේ අම්මා ඉවසාන ඉන්නේ.. ඉතින් ගොඩයා අඬනවා ධර්මශාලාවේ බිත්ති හතර දෙදරන්න. දැන් ඉතින් මේක කියවන උදවිය හිතයි ගොඩයා හෙන සාටර් පොරක් කියල. ගොඩයා විතරක් නෙවෙයි ආයුබෝවන්ඩ, එතන නිකම් මලගෙදරක් වගේ ළමයි භාගෙට භාගයක් ධර්මශාලාවේ දොර දෙපලු කරන්න හදනවා අම්මා ඉල්ලලා. එහෙම බැලුවාම ඒ සද්දෙට කලුවඩුමුල්ල ග්‍රාමය පෘථිවි ගෝලය උඩින් ගැලවිලා විසික් නොවුනා ඇති. මොන්ටිසොරියම එක සීරුවට අඬන්න තියාගත්තාම කව්ද යකඩෝ ළමයි තිහක් හතළිහක් නලවන්නේ. ඒකට මල පනින ටීචර්ලා දෙන්නා අම්මලාගෙන් වැඳ නොවැඳ ඉල්ලා හිටිනවා කියන තැනකට වඳින්නම් හත් ඉලව්වේ මේ ළමයින්ගේ පේන මානෙන් එහාට පලයව් කියල. අම්මලාත් ටීචර්ලාගේ අණ ඇහුනා නෑහුනා ගානට ඒ අස්සෙම ගැවසෙනවා තමුන්ගේ දරු පැටියව දාල යන්න තියන දුකටදෝ කොහේ. 

මුළු මොන්ටිසොරියම මල ගෙදරක් වගේ ධර්මශාලාවේ උළු හෙලවෙන්න අඬදදී ගොඩයා පරාද වෙයිද උන්ට. එහෙම වෙලා බෑනේ හිටං.. ඉතිං උන්ට සහයෝගයක් වශයෙන් ගොඩයත් උන්ට වඩා හයියෙන් අඩනවා පුංචි අම්මව ඉල්ලලා. අම්මලා එළියේ හිටං ළමයි අඬන දිහා බලාන හිනාවෙවී ඉන්න එක ඊටත් එහා ළමයින්ට කේන්තියි. ඇයි යකෝ එහෙම හොටු පෙරාගෙන අඬද්දී එහෙම සමච්චලේට හිනාවෙන එක සාධාරණ නැහැනේ. ගෙවල්වලින් එද්දී කොන්ඩ ලස්සනට පීරලා මුනේ පියරු දාල නළලේ පොට්ටුවක් හෙම තියල අරන් එන මල් වගේ දරු පැටවූ අපේ අප්පෝ ධර්මශාලාවේ දොරෙන් අතුල්කරපු ගමන් ඔක්කෝම මේකප් ආගිය අතක නැතිවෙනවා කියමුකෝ. එහෙම කල්පනා කරාම ශ්‍රී විජයාරාමේ ධර්මශාලාවේ දොරවල්වල කඳුළු තවරපු ළමයි කීයක්නම් ඔය අවට ඇතිද. ඔන්න ඔය අඬන සෙල්ලම ඉවර වෙන්න මාසයක් විතර ගියා කට්ටියටම. ටිකෙන් ටික මොන්ටිසෝරියේ ළමා කැල එකිනෙකාට හුරුවුනාම ගොඩයාත් ටිකෙන් ටික සාමාන්‍ය අතට හැරුනා ඉතිං. 

විවේක කාලයට ටීචර්ලා එකතුවෙලා පොල් ගාලා අනලා හදලා දෙන ත්‍රිපෝෂ ළමයින්ට අනිවාර්ය ආහාර වේලක්. තිහක් හතළිහක් විතර හිටපු ළමයි ලපටි ඔක්කොම පේලියට වාඩිකරවලා ටීචර් කෙනෙක් විසින් ත්‍රිපෝෂ ගුලි දෙක ගානේ බෙදාගෙන යනවා කියමුකෝ. ගෙදරින් ඉන්ටවල් එකට කන්න කෑම පෙට්ටියක් පුරවල මොනවහරි ලැබුනත් ඒ ත්‍රිපෝෂ ගුලි දෙක අනිවාර්යෙන්ම කෑ යුතුමයි. මොන්ටිසෝරියට සාපේක්ෂ මතකයන් තව බොහොමයක් තිබුනත් ඔය ත්‍රිපෝෂ ගුලි දෙකේ රස මතකයන් මොන්ටිසෝරියට වඩා ගොඩයාගේ මතකයේ අමරණීයයි කියලයි ගොඩයාගේ අදහස. ඒ තරම් රස ත්‍රිපෝෂ ආයේ කවදාවත් ගොඩයාට කන්න ලැබුනේ නැහැ කිව්වොත් එක ඇත්තම ඇත්ත කතාවක්. මොන්ටිසෝරි ඉවර වෙලා ගොඩයා පලවෙනි වසරට ඇතුලත් කරපු දවසෙත් ඊට දවස් කීපයක් යනකනුත් අම්බලන්ගොඩයා තාත්තගේ කලිසමේ එල්ලිලා හොටු පෙරාගෙන අඬන්න තියාගත්තේ ගොඩයා පුංචි එකා සංදියේ හිටන්ම සංස්කෘතියට, සභ්‍යත්වයට, චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරන නිසාමයි. ඒ ඒ චාරිත්‍ර ඒ ඒ අවස්ථා වලදී සමරන්න ඕනනේ හිටං. 

අම්බලංගොඩයා ඊළඟට ලියන්නේ ලුෂන් සර් ගැන.  ලූෂන් සර් ගොඩයලාගේ පන්තියට ගණිතය උගන්වන්න එන්නේ නවය වසරේදී. අනෙකුත් ගණිතය ගුරුවරුන් අතරින් ලූෂන් සර් වෙනස් වෙන්නේ එතුමාගේ ගණන් ඉගැන්වීමේ ක්‍රමවේදය වෙනස් නිසා. අනෙකුත් ගුරුවරුන් කළු ලෑල්ලේ ගන්න හදල ළමයින්ට උගන්වද්දී ලූෂන් සර්ගෙන් ගණන් ඉගෙනගත්තු ළමයින්ට සිද්දවුනේ ඒකෙ අනික් පැත්ත. ඒ කිව්වේ ළමයි කළු ලෑල්ලේ ගණන් හදල සර්ට ගණන් උගන්වන ක්‍රමයක් තමයි ලූෂන් සර් ඇති සාර්ථකව කරගෙන ගිය ගණන් ඉගැන්වීමේ ක්‍රමවේදය. ඒක බොහොම අසීරුයි... කටුකයි... භයානකයි... හැබැයි අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි එකෙක්වත් ගණන් ෆේල් වෙනවා බොරු... ලූෂන් සර්ගේ ක්‍රමයට ගණන් ඉගෙනගන්න එකෙකුට ඊළඟ ආත්මෙත් ගණන් අමතක වෙන්නේ නැහැ වගේම ලූෂන් සර් අමතක වෙන්නෙත් නැහැ . 

සර් පන්තිය ඇවිත් ළමයි නැගිටලා ආයුබෝවන් කියනකොට ලූෂන් සර් කළු ලෑල්ලේ ගානක් ලියල ඉවරයි ආයුබෝවන්ඩ.. ඊළඟට ළමයි හැමෝම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නේ කාටද පළමු දිනුම් වාරය ඇදෙන්නේ කියලයි. ඕන්න ඊළඟට ලූෂන් සර් පන්තියේ ඉන්න ගැහැනු පිරිමි මල් පලතුරු ඔක්කොමලා දිහා දානව ස්කෑන් පාරක්. ඒ වෙලාවට ළමයි හතලිස් පහේම හර්දය වස්තුවට ඉලෙක්ට්‍රික් ජෙනරේටර් එකක් හයිකරොත් රටටම කරන්ට එක දෙන තරමේ විදුලියක් නිපදවාගන්න පුළුවන් වෙන තරම් හයියෙන් හැම එකාගෙම හදවත් මෝල අධික වේගයෙන් ගැහෙනවා දෙයියෝ. ලූෂන් සර් පන්තිය දිහා දාන ස්කෑන් පාර නවතින තැන එකාට පළමු දිනුම ඇදෙනවා කොයිතරම් අකමැත්තෙන් වුනත්. ඉන් අනතුරුව සිද්දවෙන්නේ ලූෂන් සර් විසින් නම්කෙරෙන වාසනාවන්තයා කළු ලෑල්ල වෙත ඇවිදගෙන යාමත් ලූෂන් සර් පන්තිය පසුපසට වී ජයමල්ල හිමි එකා හෝ එකී කළු ලෑල්ලේ ගණිත ගැටලුව විසඳන ආකාරය බලා සිටීමත්.  ගණිතය වසනා ලොතරැයිය එතනින් අවසන් නැත පින්වතුනි. ගණන් සෑදු එකා හෝ එකිය ගණන සාදා කළු ලෑල්ල අසල ප්‍රදර්ශන භාණ්ඩයක් සේ හිටගෙන ඉද්දි ඊළඟට ලූෂන් සර් පටා......න් ගන්නවා ආයෙත් සැනසිලි තෑගී දිනුම් සඳහා කුසපත් අදින්න. පළමු ජයමල්ල හිමිවීම ගණන සෑදු එකාට හෝ එකියට වුනත් සැනසිලි තෑගී ජය වාසනාව අඩුම තරමේ දහ දෙනෙකුටවත් හිමිවෙනවාමයි. ඒ දිනුම් හිමිවීම සිදුවෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. 

ලූෂන් සර් පටාන් ගන්නවා හිතෙන හිතෙන එකාගෙන් ගණන් සාදා ඇති ආකාරය සහ පිළිතුර නිවැරදිද යන ප්‍රශ්නය අහන්න. ඉන් අනතුරුව වැරදි පිළිතුරු දුන් සියලුම දෙනාටම  ලූෂන් සර්ගෙන අති අගනා හයිබ්‍රිඩ් වර්ගයේ ටොකු කිහිපයක මිහිර විඳ ගැනීමේ වාසනාව හිමිවෙනවා. මේ ටොකු වලට හයිබ්‍රිඩ් කියන වචනය විශේෂයෙන් කියන්න හේතුවුනේ මෙව්වා දවල් තරු එලොව පොල් යන පහසුකම් දෙකම එකට මුසුකිරීමෙන් සකසාගත් සුවිශේෂී දෙමුහුං ටොකු විශේෂයක් නිසා. විනාඩි හතලිහක ගණන් කාලපරිච්චේදය ඇතුලේ හතලිස් පහක් වෙච්චි ගැහැණු පිරිමි මල් පලතුරු සියල්ලන්ටම පිළිතුර වැරදීම යනු සැනසිලි තෑගී අනිවාර්යයි. ගණන සෑදු පින්වතාට හෝ පින්වතියට, තමා සෑදු ගණිත ගැටලුව වැරදිනම් සුපිරි ජයමල්ල වශයෙන් හයිබ්‍රිඩ් ටොකු තුනක මිහිර තනිව වින්දගනීමේ අවස්තාව නොමිලේම හිමිවෙනවා. ලොතරැයි ඇදිල්ල එතනින් ඉවරයි කියල හිතුවට ඉවර නැහැ පින්වතුනි.. කළු ලෑල්ලේ ගණන හදපු එකා හෝ එකිය හදපු ගණන වැරදිනම් සැනසිලි තෑගී වශයෙන් ඇසූ ප්‍රශ්නයට "ගණන වැරදියි" කියා කියූ එකෙකුට හෝ එකියකට එම ගණනම නිවැරදිව සෑදීම වාසනාව හිමි වෙනවා කියමුකෝ.. නැවතත් පෙර පරිදිම එම ගණන හරිද යන ප්‍රශ්නයට සැනසිලි තෑගී සඳහා කුසපත් ඇදීම ලූෂන් සර් විසින්ම සිදු කරනවා අයියෝ. ඉතින් ඔය අවදානම් සහගත ගණන් පීරියඩ් එක ඇතුලේ ගණන් පාඩමට අවධානය යොමු නොකර වෙනත් ලෝක වල සැරිසරනවා යනු ඔලුව උඩට වැහපන් දෙයියෝ ටොකු වැස්සක් කියලා ප්‍රාර්ථනා කරනවා සමානයි. 


සතියකට දවසක් හෝ දෙකක් ලැබෙන බෝනස් එකක් වගේ ගණිතය ඩබල් පීරියඩ් තියෙනවා යනු ශ්‍රී එෆ් එම් එකේ රෑට යන මූසලම  මුසල අවාසනාවට ඇත්ත කතාවක් හා සමාන අවාසනාවන්තම අවාසනාවන්තම අවාසනාවන්තම සිදුවීමක්.. ගණිතය ඩබල් පීරියඩ් එක අවසන ජී පන්තියේ සියල්ලෝම ගණිතයෙන් පයිතගරස්ටත් එහා කෙල පැමිණි උදවිය වෙන්නේ ඒ පැය එකහමාර ඇතුලත එකෙක්වත් හුස්මක් ගන්නවත් තමුන්ගේ අවදානය ගණිතයෙන් එලියට ගෙනියන්නේ නැති නිසා. මොකද කියනවනම් ඒ හයිබ්‍රිඩ් ටොක්ක ඔලුව උඩට මෝටාර් වෙඩිල්ලක් පහත් වෙන තරමේ එකක් නිසා.


ඒ වගේ වාතාවරණයක් යටතේ "ලූෂන් සර් අද නිවාඩු " කියන ආරංචිය භාවනාවක් වගේ හිත නිවන ආරංචියක් ආයුබෝවන්ඩ. ඒත් ඉතින් ඒ වගේ හිත නිවන ආරංචි අහන්න අපි කරපු පිං මදිවුණා. මොකද කියනවනම් ලූෂන් සර් අවුරුද්දට දවස් දහයක්වත් නිවාඩු ගත්තේ නැහැ. ලූෂන් සර් මොකක්දෝ පුද්ගලික හේතුවකට ටික කාලයකට විදේශගත වීම හේතුවෙන් ගොඩයලාගේ පන්තියට දහය වසරේදී වෙනත් ගුරුවරයෙක් ආදේශ කෙරුණා කියමුකෝ. අවුරුද්දක් දෙකක් වගේ යද්දී ලූෂන් සර් ආයෙත් ඉස්කෝලේ ගණන් උගන්වන්න පටන් ගත්තත් ගොඩයලාට ආයෙත් හයිබ්‍රිඩ් ටොකු කන්න වාසනාව් නැතිවුණා. කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ගණන් පීරියඩ් එකේ පිස්සු නටන්න ලූෂන් සර්ගේ ක්‍රමය ඇතුලේ එකෙකුටවත් පුංචිම පුංචි ඉඩක්වත් තිබුනේ නෑ. එහෙම කරානම් ඌ එදා ගෙදර ගියේ ටොකු කාපු ඔලුව අතේ අරගෙන. ඔය හයිබ්‍රිඩ් ටොකු වාසනාවේ ජයමල්ල හෙවත් පළමුව කළු ලෑල්ලේ ගණන සෑදීමේ භාග්‍යය වැඩිපුරම දිනාගත් සාමාජිකයින් බොහොම සුළුතරයක් අතරින් අම්බලන්ගොඩයත් එකෙක් යකඩෝ. ලූෂන් සර් පන්තියට ඇවිත් කළු ලෑල්ලේ ගාන ලියල අහක් වෙලා ගොඩයා දිහාවට ඇඟිල්ල දික් කරලා "හ්ම්" කියල කියල ඔලුවෙන් කළු ලෑල්ල දිහාව පෙන්වනකොට ගොඩයාට හිතෙන්නෙම ඇයි දෙයියෝ මම මේ තරම් වාසනාවන්ත කියන සිතුවිල්ලමයි. ගොඩයාට වගේම, හික්කඩුවේ ඉඳන් ඉස්කෝලේ ආපු දැන් සම්පත් බැංකුවේ රාජකාරි කරන අපේ මිත්‍රයෙකුටත් පීරියඩ් එකේ පළමු දිනුමේ ජයග්‍රාහකයා වෙන්න සම සම අවස්තාව ලැබුනා ගොඩයාට මතකයි. මොකද කියනවනම් ලූෂන් සර් හැමදාම පලවෙනි ගාන හදන්න අල්ලාගත්තේ එක්කෝ ඌ නැත්තම් අම්බලන්ගොඩයාව. ඒ වගේ ස්වීප් ඇදෙන්න නම් ඉතින් සංසාරේ පිං කරලා තිබිය යුතුමයි. 


ඔන්න ඔය කාලේ ගොඩයාලාගේ පන්තියට සමාජ අධ්‍යයනය ඉගැන්නුවේ හොඳම හොඳ ටීචර් කෙනෙක්. බොහොම හොඳ වගේම සැර පරුෂ නැති ගුරුතුමියක් විදිහට තමා මිස්ට තිබුන පිළිගැනීම. ගොඩයලා දහය වසරේ ඉද්දි හිටපු පන්තිය තිබ්බේ ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ. ඒ නිසා ඉගෙනගන්න ගමන්  අවට පරිසරයේ සිරි නරඹන්න ඕනෙනම් ඉතින් ඒකට කාගෙන්වත් තහනමක් නැහැ. ඕන් දවසක් මිස් සමාජ අධ්‍යයනය උගන්නන අතරේ ඉස්කෝලේ කෙලවරේ තියන කොලේජ් ලේන් එකෙන් එහාපැත්තෙ කොස් ගහක වඳුරු රැලක් දහමෙන් සෙමෙන් කොස් ගැට ටිකට වැඩේ දෙනවා කියමුකෝ. ඒ කාලෙට සාපේක්ෂව ඔය කියන සතාට කියන නමින්ම හඳුන්වපු මිත්‍රයෙකුත් ගොඩයාගේ පන්තියේ හිටපු නිසා පාරෙන් එහා පැත්තේ ගහේ වඳුරෝ ඉන්නවා යනු පන්තියේ ඉන්න ඥාති පුත්‍රයාට කොල්ලන්ගෙ අඩම්තෙට්ටමේ ඉවරයක් නැහැ. ටීචර් උගන්නද්දී උනත් අරූගේ පුටුවට යටින් පයින් ඇනිලි වගේ දේවල් නිමක් නෑ. මිස් ඉන්නේ කොලේජ් ලේන් එකේ වඳුරෝ ඉන්න ගහට පිටුපාල නිසා වඳුරු සෙල්ලම මිස්ට පෙන්නේ නැහැ. කොල්ලෝ හැම එකාම පාඩම අහගෙන හිටියට වඳුරු නඩයට ඇහැ ගහගෙන ඉන්නේ උන්ගේ පරපුරෙන් පැවත එන ඥාති පුත්‍රයෙක් පන්තියෙත් ඉන්න නිසා. ගෑල්ලමයිත් හොරෙන් හොරෙන් වඳුරු නඩයට ඇහැ දාන්නේ වඳුරු නඩය හා සමගාමීව පන්තියේ ඉන්න කොලු නඩයත් ටිකක් විතර නොසංසුන් බව දන්නා නිසා. මිස් සමාජ අධ්‍යයනය උගන්නගෙන ගියාට අන්තිම වෙද්දී මුළු පන්තියේම වැඩි අවධානය වඳුරු රැල දිහාවට. මෙන්න බොලේ එක පාරටම එතන හිටපු එක වඳුරෙක් අත්තක් දිගේ ඇවිදගෙන ඇවිත් දීපියකෝ වැඳිරි පෝතිකාවකට උම්මා එකක්.. අප්පද බෝල එතැන හිටං වැඩේ ෆුල් ඇඩල්ස් ඔන්ලි කියහන්කෝ.. මුළු පන්තියම සිනා සාගරේ .. ඔන්න මිස්ට වැඩේ අවුල්.. ඇයි යකෝ මේ යසට පාඩම අහගෙන හිටපු මල් වගේ ළමයි හතලිස් පහක් කිසිම නිමිත්තක් නැතුව බක බක ගාල හිනාවෙන්න ගත්තාම වැඩේ අවුල් නැද්ද මං අහන්නේ.. 

මිස්ට කොයිතරම් කේන්ති ගියාද කියනවානම් එදා පන්තියේම එවුන්ට ඇමතුවා අමතිල්ලක් බඩ කට පිරෙන්න. ඒත් මිස් බනින්න බනින්න මුන් හිනාවෙනා ඉවරයක් නැහැ. මොකද කියනවනම් ගහ උඩ වඳුරු ඩබල අනග රැඟුම් ඒ වෙද්දීත් ඉවර නෑ. ගෑල්ලමයි හොරාට ඇහැ දාල දැක්කේ නෑ වගේ උන්නට හිනාව නවත්තගන්න එක සුම්ම කියමුකෝ. මිස් බනිනවා බැනිල්ලක් අසූ හාරදාහට මල පැනලා උනාට ළමා ලපටි එකෙකුටවත් මෙලෝ ගානක් නැහැ . අන්තිමේ එකෙකුගේන්වත්, එකියකගෙන්වත් හිනහවීමට නිමිත්ත අහගන්න මිස්ට බැරිවුණ තැන මිස් තීරණය කරා ළමයි හිනාවුනේ මිස්ට කියලා. ඉන් අනතුරුව,  පාසල් ජීවිතේ අවුරුදු දහතුනටම මලාට හිනා නොවුන දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් සියල්ලන්ටම පන්තියෙන් එලියට යන්න වුනා නිමිත්තක් නොමැතිව ටීචර්ට සිනහවීමේ වරදට. සීන් කොන් එකට මිස්ට කොයිතරම් මල පැන්නද කියනවනම් කේස් එක අංශභාර උසාවිය වෙත ෆයිල් කරලා දවස් කීපයක් පන්තියට එන එකත් වර්ජනය කරා. අන්තිමේ පන්තිභාර ගුරුවරියගේ මැදිහත්වීමෙන් සමාජ අධ්‍යයනය ටීචර්ගෙන් සමාව ගැනීමෙන් අනතුරුව වැඩේ සෙන්ට්මෙන්ටල් උනා. නඩුව ඇසීමේදී ළමයි හිනාවුනේ ටීචර්ට නොවෙන වග තදින්ම කියාසිටියත් සිනහවීමට හේතුව කියන්නට එඩිතර එකෙක් පන්තියේම හිටියේ නැහැ. කියන්න පුලුවනිද හත්ඉලව්වේ ඇහින් දැකපු දේ වචන වලට පෙරලුවානම් ඉස්කෝලෙන් ගෙදර එලවනවා එවෙලේම.


ලූෂන් සර්ලා වගේ ගුරුවරු අද වෙද්දී විශ්‍රාම ගිහිං ඉන්න එක ගැන අම්බලංගොඩයා එක පැත්තකින් සන්තෝසයි, ඒ මොකද කියනවනම් අද වෙද්දී ඒ විදිය ගුරුවරුන්ගෙ දඬුවම් වලින් තමුන්ගේ ළමයින්ට අධ්‍යාපනයක්, ශික්ෂණයක් හදනවා බලන් ඉන්න තරම් අද කාලේ දෙමාපියන් ශිෂ්ඨ සම්පන්න නැති නිසා සහ ගුරුවරුන් පාසල ඇතුලෙම දනගස්වන තැනට අපේ සුන්දර රටේ පාලනය මන්දබුද්ධික තත්වයට පත්වෙච්චි නිසා.

53 comments:

  1. Replies
    1. දැන්නං නාවට කමක් නෑ. හැක්..

      Delete
    2. එහෙමෙයි ආස පොසා 😛😛😛

      Delete
    3. කලබල වෙන්න එපා හෙමිහිට කියවගෙන එමු..😝

      Delete
  2. එහෙම හෙදෙයි මන් අහන්නේ ?😭😭

    ReplyDelete
  3. ඔය ගරැවරැ ලමයිට දඩුවම් කිරිම ගැන කිවිවෙත් අපෙ පන්තියේ එකෙක්ට දඩුවම් කරලා සර්ට සිද්ද වුනෙ උසාවි ගනෙ රස්තියාදු වෙන්න..

    ⁣අවසානෙ කල හොද සර්ගෙ පස්සේ ම ආවා...

    ReplyDelete
    Replies
    1. අපිත් හත වසරේ ඉද්දි එහෙම සීන් කෝන් එකක් උනා.. ඒ කතාව ලියන්න විදිහක් නැහැ ඒ ගුරුවරයාට අපහාසයක් වෙන නිසා.. ඒ ගුරුවරයාගේ වැරදි වැටහීමක් නිසා අපේ එකෙකුට නෙළුවා නෙලිල්ලක් ජෝන් සීනා ගැහුවා වගේ වෙන්න.. එතන තනිකරම වැරදි ගුරුවරයා. අපේ එකාට දවස් කීපයක් ඉස්පිරිතාලෙත් ඉන්න උනා. වෙන ගුරුවරියක් උගන්වමින් ඉන්න අතරේ මේ මනුස්සයා පන්තියට ඇවිල්ල අපේ එකාට රෙස්ලින් ගැහුල්ලක් ගැහුවා කියහන්කෝ. අපේ පන්තිභාර ටීචර් මැදට පැනල අපේ එකාව බෙරානොගන්න එදා ඌ මැරෙනවා ගහපු ගැහිල්ලට. කෙස් එක උඩට අරන් ගියානම් සර්ගේ රස්සාව නැති වෙනවා. අපේ පැතිවල ඔව්ව ගොඩින් බේරගන්න කේස් නිසා ගුටිකාපු අපේ යාළුවගේ අම්ම සර්ව ටවුමේදී අල්ලාගෙන රිටර්න් එක දුන්නා. වැඩේ එතනින් ඉවරයි.

      Delete
  4. ඉතිං යකෝ සමාජ අධ්‍යයනය කියන්නෙ සමාජය ගැන බලල අධය්‍යයනය කරන එකක් මිසක් කළු ලෑල්ලෙ ලියන මිස්ගෙ පිටිපස්ස බලා ඉන්න එකක් නෙමෙයි කියල බොලාට කියල දෙන්න තිබුණනෙ.

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව ඇත්ත උනාට කව්ද දැන් ඉතින් මිස්ට ඔව්ව කියන්න එඩිතර වෙන එකා කියහන්කෝ... කොල්ල ටිකනම් ඇස් ඇරන් වඳුරු සමාජය අධ්‍යයනය කරා උනාට ගෑල්ලමයි හොරෙන් හොරෙන් තමා අධ්‍යයනය කරේ.. සමහර පාඩම් මිස්වෙන්නත් ඇත මයේ හිතේ..

      Delete
  5. අපිට 6 ඉඳල 11 වෙනකල් විද්‍යාව කරපු පොඩිමහත්තය මහත්තයගෙන් මීටර් රූල් පාරක් නොකා ඉන්නව කියන්නෙ වෙන්න අමාරු දෙයක් නෙමෙයි වෙන්න බැරි දෙයක්. හැබැයි 9-10 පන්තිවලට යනකොටනං ඒ පුරුද්ද අතෑරල තිබුණ.

    ReplyDelete
    Replies
    1. මීටර් රූලෙන් ගහනව කියන්නේ බොහොම ලාබාල දඬුවමක් බන්. අපේ අංශභාර සර් ගාව තිබ්බ වේවැල දැක්කාම ඇඟ කිලිපොලා යනවා බන්.. ඒ වගේද සිංහල ඉස ගහන කම්මුල් පාරවල්.. අන්න ජ්‍යාත්‍යන්තරයට යවන්න වටිනා කම්මුල් පාරවල්.. එක ෂොට් එකෙන් කම්මුල ඉදිමෙනවා ආප්ප සෝඩා දාපු ආප්පේ වගේ..

      Delete
  6. හූරේ , අද මම කලින්නම කියෙව්වා .,,,,, එළමකිරි යේ අහ්හන්න දෙයක් න පට්ටම කතවක් .... අපේ පසෙලෙත් මෙහෙම ගණන් සර් හිටියා , අම්මෝ සැර අපි කිව්වේ සෝමපාල සර් කියලා . දැන්නං විශ්‍රාමික වෙලා මයේ හිතේ , ඇ උනාට අම්මේ ස්කූලේ යන කාලේ සැර , හම්මෝ අපේ පන්තියට එන්නේ වෙවලකුත් අරගෙන , එච්චර හොදයි ඒ සර්

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ සැර සර්ලා දැන් පාරේ දැක්කත් බයයි අප්පා.. මොකෝ ගැහුවොත් ගහන්න කියලද...

      Delete
  7. ලූශන් සර් අපිට උගැන්නුවේ නැති උනත් ඔය කියන හයිබ්‍රිඩ් ටොක්ක කන්න මටත් වාසනාව හිමිවෙලා තියෙනව කියහන්කො.9 වසරෙදි මන් කරපු අලුගුත්තේරු වැඩක් දැකල උගන්න උගන්න හිටපු පන්තියට අතින් කතා කරල ඇන්න කියහන්කො 😬 ඒ මදිවට පීරියඩ් එක ඉවර වෙනකන් කළු ලෑල්ල ලග හිටවල තිව්ව.කාල ඉන්න බැරි අපේපන්තියෙ හැතිකරේ මට කෝචොක් කරන එක.කොහොම උනත් ඒ අතීතෙ ආයෙ එන්නෙ නෑ සහෝදරයා

    ReplyDelete
    Replies
    1. දැන් ටික ටික තිබ්බට ඒ කාලේ ඉතින් තිබ්බ අඩුම එක තමා ලජ්ජානැතිකම.. ඒ හින්ද ඉතින් ඒ කාලේ ඔව්ව මොනාද නේ බන්.. කොහොමද ලූෂන් සර්ගේ ටෝක්කේ රහ...

      Delete
  8. අපරාදෙ බත් කන වෙලාවට කියවන්ට තිවිච්චි කතාව.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද උඹටද පිස්සු මටද පිස්සු කියල.. ඈ බං ... කතාවෙයි බත් කෑමෙයි අතරේ තියන අනුලෝම සම්භන්ධය කියහන් බලන්න..

      Delete
  9. ඔබ මගේ ළදරු පාසල් අවදියට හආපසල් අවදියට දෙකටම් ආරන් ගියා කතාව ලගන්නා සුළු ආකාරයෙන් ලියා තිබෙනවා. මමත් ඔබ වගේ ළදරු පාසල දෙවනත් වෙන්න අඞපු එක්කෙනෙක්. මාව මොන්ටිසෝරි එක්කයන්න කෙනෙක් හිටියා. එත් ඒ කාලේ විචාරකතුමා ඉගැන්නුවේ මගේ මොන්ටිසෝරියට ටිකක් ළඟ ඉස්කෝලෙක අපි දෙන්න එකම බස් එකේ නගිනවා. විචාරකතුමා මාව එය ලඟ වාදිකරවගෙන ගිහින් ඉස්කෝලේ ලඟට ආවහම අර මාව ගෙනියන කෙනාට භාර දෙනවා එතන ඉඳලා උතින් ටැප් එක ඇරියා වගේ ඊට පස්සේ මන් අඩන හින්ද විචාරකතුමා මට කලින් යනවා. කොහොම කරත් අර කීව වගේ මමත් නොසෑහෙන්න අඬපු කෙනෙක්. මගේ ගුරුවරු ගැනත් සුපිරි අත්දැකීම් තියනවා දවසක ලියන්නම් ආයෙත් කියන්නේ කතාව මල් පහයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බැලුවාම හැමෝම අඬන බබාලා වෙලා ඉඳලා තියෙනවා එක්තරා කාලෙක.. ඒ කාලේ අපේ වැඩිහිටියෝ අපිව ඉස්කෝලේ අරන් ගියේ පාරේ අයිනෙ පැත්තෙන් තියාගෙන වැඩිහිටියා මැදට වෙන්න... අද කාලේ බත් කන හරක් දරුවෝ පාරේ අරන් යන්නේ මහා එකා අයිනේ පොඩි එකා මැද වෙන්න.. එව්වා දැක්කාම හිතෙනවා මුනුත් වැඩිහිටියෝද කියල. ඒ අතින් ඔයාල අපි ඒ වගේ දෙමාපියන් ලබන්න හුඟක් පින් කරලා තියෙනවා.

      Delete
  10. ඉස්සල්ලම මාව දැම්ම මොට්ටසෝරියේදී මම හරි ප්‍රසිද්ධයි ගල උඩ බබා කිවුවහම. මොන්ටිසෝරි වත්තේ කොස් ගහක් යට තිබුන ගලක් උඩට වෙලා අඬන එක ඇරෙන්න මම සත පහක අජ්ජාපනයක් කරලා නෑ ඒකෙදී. පස්සේ මට වඩා අවුරුද්දක් වැඩිමල්වුන නෑනා ගිය මොන්ටිසෝරියට යවලා තමා ගොඩයවලා තියෙන්නේ.

    අපි අටවසරෙදි අපේ පංතිවලට සමාජ අධ්‍යනය කරන්න ආපු අලුත් මිස් මාස පහ හයකින් බැන්ඳා. උඹට කියන්න එදා ඉඳලා අපි ඒ මිස්ව දැක්කේ බඩක් එක්ක විතරමයි. තාමත් ඒ මිස්ගේ රූපේ මැවෙන්නේ බඩත් එක්ක. අඩුමගානේ මිස්ට මිස්ගේ රූපේත් අමතක ඇති. ඒ කාලේ කොල්ලෝ කියපු දේවල් ....

    ReplyDelete
    Replies
    1. "ගල උඩ බබා " ඒකත් නරකම නැහැ නේද..

      යකඩෝ ඒ ටීචර් ළමයි හදන්නේ ඒ දෙන්න දෙමාල්ලන්ගේ කැමත්තටනේ හිටං .. ඉතින් ඕකෙ බොලාට ඇති කැහිල්ල මොකක්ද කියහන්කෝ..

      අපිට ඉංග්‍රීසි උගන්නන්න ආපු ටීචර් කෙනෙකුගේ මහත්තයා එක වතාවක් කොල්ලන්ට කිව්වා " මගේ ගෑනිට පාඩුවේ රස්සාව කරගෙන ඉන්න දීපන් කොල්ලනේ " කියල.. ඒ කාලේ ඒ ටීචර් තමා ඉස්කෝලේ හිටපු තරුණම ලස්සනම ටීචර්.. අන්තිමේ ටීචර් පන්තියට ආවාම කොල්ලෝ භාගෙට භාගයක් පන්තියෙන් නැගිටලා යනවා මොකද උන් ටීචර් දිහා බලන් ඉන්න විදිහට ටීචර්ට ඉංග්‍රීසි ඉගැනිල්ල අමතක වෙන නිසා..

      Delete
  11. //ශ්‍රී එෆ් එම් එකේ රෑට යන මූසලම මුසල අවාසනාවට ඇත්ත කතාවක් // - මම රේඩියෝ අහන්නේ නෑ .... ඇහුනොත් මිසක.... ඒත් ඕකනම් හූනියම් හුයන්නක්..... ඔයවගේ තව ගොඩක් තියෙනවා..... අර දවල්ට කෑවට පස්සෙත් හැම මගුලේම යන්නේ......

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ නැති නිසා දැන් රේඩියෝවල යන එව්වා ගැන දැනීමක් නැහැ බන් සූටික්කෝ.. මම අන්තිමට ලංකාවේ රේඩියෝ ඇහුවේ 2010 වෙන්න ඕන. ඔය කියන මල මුසල වැඩසටහන යද්දී ඇහෙන සද්ද මලම මල මූසලයි බන්. මොකට ඒ වගේ වැඩසටහනක් කරාද මන්ද. රේඩියෝ කලාව මැද්දට ටාසන් බාප්පලා ඇවිත් රේඩියෝව අසික්කිත තත්වෙටම පත්කරායින් පස්සේ මගෙයි රේඩියෝවයි අතර තිබ්බ ලව් එෆෙයාර් එකට මම බූට් එක තිබ්බ.

      Delete
  12. ඉස්කෝලේ ගිහින් තියෙන හැම එකෙක්ටම ඔයවගේ කවදාවත් අමතක වෙන්නේ නැති ගුරුවරු ඉන්නවා බං ගොඩයෝ..... හිටුකෝ මමත් ටිකක් ලියන්ඩ....

    ReplyDelete
    Replies
    1. ලියහන්කෝ ලියහන්කෝ අපිටත් කියවන්න. ගොඩයා ඉස්කෝලෙන් අයින් වෙලා කොළඹ රස්සාව කරද්දී අපිට උගන්නපු සර් කෙනෙක් ගොඩයා රස්සාව කරපු ආයතනට ආව කියහන්කෝ ලස්සන ගෑල්ලමයෙක් එක්ක. සර් ගොඩයව දැක්ක ගමන් ඇස්දෙක උඩ ගියා.. සර් කියාපි.." තමුසෙත් නැති තැනක් නෑ " කියල. ගොඩයා ලැජ්ජාවෙන් ඇඹරිලා සර්ට කිව්වා " අවුලක් නෑ සර්.. මං මුකුත් දැක්කේ නෑ " කියල..

      Delete
  13. මම ගියපු මොන්ටිසෝරියෙ හිටපු අඬපු නැති එකම බබ්බුවා තමයි නෙතු බබා ......

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනේ පලයන් බන් නංගි බොරු නොකිය.😛මොන්ටොසූරියයි අවුරුද්දයි කිව්වනම් හොයාගන්න තිබුන පැටිකිරිය.😬ආයෙ බොරු මොටද මමනම් ඇඩුව නැතිවෙන්න.මමත් බතලයත් හිටියෙ එකම මොන්ටොසූරියේ.ඔක්කොමත් හරි මොන්ටොසූරියි අපේ ලොකු අම්මලාගෙ ගෙදරයි වෙන්වුනේ තාප්පෙකින් විතරයි.මට මතකයි ඔය තාප්පෙන් පනින්න මන් කෑව කට්ට.😂මොන පැනිලිද ඉතින්.මොන්ටසූරිය තිබුනෙ යූ සී පිට්ටනිය ලග.අදවගේ මතකයි මට👍👍👍

      Delete
    3. බොරු කියන්නෙ මොකටද අනේ මම මොකෝ ගොඩයියාගෙන් තෑගි ගන්නෙයි මම...එක නෙවි තඩි අය්යේ බලාගෙන ගියාම ඔයත් ගිහින් තියෙන්නෙ මම ගියපු මොන්ටිසෝරියටමයි නෙහ්..බීටා මිස්ගෙ යු සී එක ගාව මොන්ටිසෝරිය ......හරිනේද?? මොන්ටිසෝරි කාලේ නන් නෙවියි 9,10,11 පන්තිවලදි තමයි මම නන් ඇඬුවේ....හබැයි ගුරුවරු නිසා නන් නෙමේ ඔයලා වගේ නාහෙට නාහන කොල්ලන්ගේ වැඩ නිසා..දැන් නන් ඒවා මතක් වෙනකොටත් හිනා යනවා ඇඬිල්ල කෙසේ වෙතත්....

      Delete
    4. අඩේ නෙතුවයි මමයි ගොහින් තියෙන්නෙ බීට මිස්ගෙ මොන්ටොසූරියට නොවැ.හරිම සන්තෝසයි.9,10,11 කොල්ලො කචල් දානකොට අපි හිටියෙ නැද්ද නෙතුවො???දැනගෙන හිටියනම් ඔයාට කොල්ලො කචල් දානව කියල ගොඩයයි මමයි එනවනෙ.මේ ඒක නෙවෙයි ආඩම්බරකම පැත්තකට තියල අඩුම තරමෙ කියනවද උසස්පෙල කරපු අවුරුද්දවත්🤔

      Delete
    5. අපොයි අපොයි ඔයාලට මතක නැතුවට ඔයාල තරන් මට උදව් කරපු කට්ටිය හිටියේ නෑ ඔය ඉස්කෝලේ ....

      Delete
    6. පුහ් තියාගන්නව ඔය ආඩම්බරකම.මල කෝලන්

      Delete
    7. අපි ඉතින් අඬන්නේ භයකට දුකකට නෙවෙයි නෙතු ළමයෝ.. ඒ තමා අපේ සංස්කෘතික ගුණාංග.. එව්වා අපි ඉදිරියට අරන් යන්න එපැයි ..

      Delete
    8. ඔන්න චමිලයෝ නෙතු කව්ද කියල හොයාගන්න කොනක් පෑදිලා තියෙන්නේ.. මගේ ෂර්ලොක් හෝම්ස් මොලේටනම් එක සැකයක් ආව නෙතු ඉන්නෙත් බීට මිස්ගේ මොන්ටිසෝරියට යන්න එන්න පුළුවන් දුරක කියල. දැන් බැලුවාම බොලා එක මොන්ටිසෝරියේ ඉගෙනගත්තු එවුන් එහෙමනම්..

      Delete
    9. මටනම් ඕන නෑ කා ගැනවත් හොයන්න.උබ දන්නවනෙ මාව care කරන්නැත්නම් මන් අම්ම තාත්තවත් care කරන්නෙ නෑ කියල 🔫

      Delete
  14. මද්දනම් ඇඩුවෙ ෙමාන්ටිෙසාරි යන්න ඕනි කියල ඒ ෙහ්තුවෙන් ජයග්‍්‍්‍්‍රාහී වසර 3ක ෙමාන්ටි ෙසා්රි පාසල් කාලයක් හිමිඋනා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ එහෙම එවුනුත් ඉඳල තියෙනවා එහෙනම් ඈ ..

      Delete
  15. මොන්ටිසෝරි කාලයි, ඉස්කෝලෙ කාලෙයි මතක් උනා.... කොච්චර සුන්දර ඒ කාලෙ...
    මාත් මෙන්ටිසෝරියේදි එක වසරෙදි ඇඬුවෙම නෑ... මං හිටියේ කදුලු පිහන කණ්ඩායමේ... මං ඇඩුවේ නවය වසරෙදි ඉස්කෝලෙ මාරු කලාම.. වාරයක්ම ඇඬුවා...

    ReplyDelete
    Replies
    1. යකඩෝ නවය වසරට ගිහින් අඬන්නේ අහවල් කෙංගෙඩියකටද නිර්මානි..

      Delete
    2. 9 වසරෙදි තමයි මාව රත්මලානෙ ඉස්කෝලෙ එක්කන් ගියේ..... ඒක මට එකපාරට අවුල් ගියා.... නිවාඩුවට ගෙදර ගියාම එන්නැතුව ඉන්නමයි හැදුවෙ... ටිකෙන් ටික ඒක හරි ගියා... දැන් නම් ලැජ්ජත් හිතෙනවා අප්පා:D.. මොකද ඉස්‍කෝලෙ හිටපු හැමෝම දැන් කියනවා මං අඬපු හැටි...

      Delete
  16. අපේ මොන්ටිසෝරියත් තිබුණෙ පංසලේ බණ මඩුවෙ. පන්සිල් ගන්න ටීචර් දොර ඇරපු පාර මං ඒකෙන් පැනලා ගෙදර ආවා. කිලෝමීටරයක් විතර පාර අයින දිගේ දුවගෙන. දැන් නං මතක් වෙනකොට බයත් හිතෙනවා. එදායිං පස්සේ අපි පන්සිල් ගත්තේ හෝල් එක ඇතුළෙමයි.
    අර සම්පත් බැංකුවේ හික්කඩුවේ කෙනා මං දන්නවාද කොහෙද?

    ReplyDelete
    Replies
    1. යකඩෝ උඹනම් අදහන්න වටිනා එකෙක්නෙ.. උඹව බිල්ලෝ අල්ලාගෙන ගිහින් කරෝල වාඩියකට දුන්නනම් තමා වැඩේ.. ඒත් ඉතිං උඹ වගේ එකෙක් කරෝල වාඩියකට අරං ගියානම් උන්ට කරෝල වාඩිය දාල දුවන්න වෙනවා ඒකාන්තයි..

      Delete
  17. අපට ගනන් කලේ කිත්සිරි සර්..පන්ති භාරත් සර්මයි.. එක පාර 5 දෙනෙක්ට ටිකට් එක අදෙනවා.. off period ඔක්කොම සර්ම තමයි.. සර් නිසා සහෙන නහරයො ටිකක් ගනන් ගොඩ ගියා...

    ReplyDelete
    Replies
    1. කිත්සිරි සර්ගේ පංතිවල උන්ට ඕෆ් පීරියඩ් එකක මිහිර විඳගන්න දුන්නෙම නැහැ කියල තමයි මතක. අපේ පන්තියටනම් ඉතින් රිලීෆ් එන්නත් ගුරුවරු අකැමතියි අපි හරි හොඳ මල්වගේ ළමයි නිසා..හෙහ්..

      Delete
  18. මොකා උණත් ඔය ලුෂන් සර් වගේ ළමයින්ගේ ඔළු වලට නෙළපු @රි ප%යෙක් නම් මම මතකයේ තියා ගන්නේ කවද හරි පාරේ වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න හොඳ නැති උන්ගේ ගොඩට...
    ගහනවානම් ගහපිය කෝටුවකින් හෝ වේවැලකින් දරුණු නැති තැනකට...
    උගේ ක්‍රමය අනුව ඌ ඇවිත් තියෙන්නේ ළමයි වෙන කොහෙන් හරි ඉගෙනගෙන ආපු ඒවල සහ ළමයි පෙර ආත්මවල ඉගෙන ගත්තු දේවල එහෙම හරි වැරදි බලන්න...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බැහැ ලොකුපුතා.. වේවැලක් අරගෙන් පන්තියට යන එක ප්‍රායෝගික නැහැනේ. ලුෂන් සර්ගේ ගණන් ඉගැන්වීමේ ක්‍රමය බොහොම ප්‍රායෝගිකයි, අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි. ටොකු කන්න බයට හරි හැම එකාම ගණන් පීරියඩ් එකේ ගණන් ඉගෙනගත්තා. අනික බන් ලෝකේ සම්මත දඬුවම් ක්‍රම වලින් ළමා අයිතිවාසිකම් සුරකිමින් හදන්න පුළුවන් එවුන් රැලක් නෙවෙයි අපේ පන්තියේ හිටියේ.

      Delete
  19. මෙතැනදී මම විරුද්දයි. ඔය තියෙන්නේ නිර්මානශීලීත්වයක් නැති තමුන්ගේ විෂය විතරක් දන්න මිනිස්සු ගුරුවරු වීම. අපි අද මේ රටවල අවුරුදු 16 වෙද්දී පොඩි උන් මිලියන ගණන් වටින සොෆ්ට්වෙර් ලියන්න තරම් ඉස්සරහට ඉන්නේ , නිර්මාණාත්මක බාවය වගේම , ළමා කාලයේ ඉදලම ඉතා නිදහසින් හිතන්න උගන්වන අද්යාපන ක්‍රමය සහ ගුරුවරු නිසා. අපේ රටේ පොඩි කාලෙම කොදු කඩනවා ළමයින්ගේ ඔය වගේ කාලකන්නි ගුරුඋවරු. අපි වැරදි වැටහීමක ඉන්නවා මුන් නිසා තමයි අපි යම් තැනක ඉන්නේ කියල. ඔය කොදු කදීම නිසා තමයි හැම එකාටම එහෙයි කියාගෙන කිසි දෙකට අවදානමක් අරගෙන ඉදිරිපත් වෙන්න බැරි රුකඩ පරම්පරාවක් බිහිවෙන්නේ අපේ රට වල. අපේ උසස් පෙළ කාලේ හිටිය ඔහොම ගුරුවරයෙක්. අදටත් මට ඌව පිළිකුල්. තමුන්ට වඩා කායික ශක්තියෙන් අඩු පොඩි එකෙක් ට ශාරීරිකව දඩුවම් කිරීම මගින් හික්මවන්න හදන උන් බෙලහීනයෝ. අපි ඔය පරම්පරාවෙන් වෙනස් වෙලා ජීවත් වෙන්න උත්සහ කරනන් ඕනේ කියන එක තමයි මම හිතන්නේ .

    ReplyDelete
    Replies
    1. ලුෂන් සර් කායික ශක්තියෙන් අඩු පොඩි ශාරීරයක් තිබ්බ කෙනෙක්. සර්ගෙ ඉලක්කය උනේ ඔක්කොම ලමයි ගනන් පාස් වෙනවා දකින එක..

      Delete
    2. මටත් ඔය වගේ ගුරුවරු අප්පිරියයි. දැන් වයස හතලිහක් වෙලත් මම කවදාවත් ලමයින්ට තඩි බාපු අමන ගුරුවරුන්ට කිසිම ගෞරවයක් නෑ. ඔවුන්ගෙන් මම ඉගෙන ගත්ත දෙයක් නෑ, ඇත්තේ කල කිරීම හා පිලිකුල පමනයි.

      කොලඹ මහානාමේ හිටපු කට්ටිය දන්නවා ඇති අමරසිංහ, පැමලා, සිරිල්, මාලේගොඩ වගේ නරුමයන් ගැන.

      Delete